Endada Manike Song Lyrics - එන්ඩද මැණිකේ ගීතයේ පද පෙළ

Endada Manike Song Lyrics - එන්ඩද මැණිකේ ගීතයේ පද පෙළ
Song Title : Endada Manike (එන්ඩද මැණිකේ)
ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද රචනය හා ගී තනුව : ආනන්ද සමරකෝන්
1940 දශකයේ නිර්මානය වූ ස්වාධීන තනුවකි.


එන්ඩද මැණිකේ මමත් දියඹට කඩන්න කෙකටිය මල්
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල්

මහන්සි වන්නට එපා එපා අනෙ එපා එපා අනෙ ඉන්නකො ගං ඉවුරේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො නැමිච්ච කෙකටිය මල්

ඔන්න ඔන්න රළ පාරට තෙමෙනව මැණිකෙගෙ සුදු සේලේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො මැණිකේ ඇඳි සේලේ

තෙමිච්චදෙන් ඔහෙ තෙමිච්චදෙන් ඔහෙ තෙමිච්චදෙන් ඔහෙ ඒකට කමක් නැතේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො මැණිකෙගෙ සුදු සේලේ

මමත් මලක් නම් ඔය මල් කළඹේ මැණිකේ නෙළනවනේ
ඔහො හීන්සැරේ ඔහො හීන්සැරේ සුදු අත දික්කරලා එමල නෙළාවි අනේ

එහෙම වුණොත් එය නෙළන්නෙ නැහැ නැහැ නෙළන්නෙ නැහැ නැහැ තියෙන්න හරිනවනේ
රළ පහරට ඔහෙ ගහගෙන යන්නට තියෙන්න හරිනවනේ //

ඕං එනවා මම ඔරුවෙ නැඟීලා මැණිකේ ළඟට සැණේ
ඔහො හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැඟී ගෙනේ
පීනනවා මම එතකොට එගොඩට මාළුවෙකුගෙ වෙසිනේ
සිහින් දැලක් ලා අල්ලාගන්නව කොහෙද එවිට මැණිකේ

ගන්නව එතකොට කුරුලු වෙසක් මම රූං කියා යනවා
ඔහො එනවා එනවා පස්සෙන් එනවා කුරුලු රජෙකු වෙමිනේ

ගන්නව එතකොට සියුම් වෙසක් මම කොහොමද අල්ලන්නේ
අල්ලන්නේ මම එතකොට මැණිකෙව මගෙ මේ ගීත දැලේ
ඔහො එළනව එළනව වට කර ගන්නව ලස්සන ගීත දැලේ

නටනව එතකොට ගී කියමින් මම ඔබෙ ගී දැල ඇතුළේ
ඔබ හා ගී කියමින් නටනව මම එහි තුළ සෑම කලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Endada Manike Song Lyrics - එන්ඩද මැණිකේ ගීතයේ පද පෙළ Endada Manike Song Lyrics - එන්ඩද මැණිකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment