Balanna Soduriya Wiyapath Dasin Song Lyrics - බලන්න සොඳුරිය වියපත් දෑසින් ගීතයේ පද පෙළ

Balanna Soduriya Wiyapath Dasin Song Lyrics - බලන්න සොඳුරිය වියපත් දෑසින් ගීතයේ පද පෙළ
Song Title : Balanna Soduriya Wiyapath Dasin (බලන්න සොඳුරිය වියපත් දෑසින්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද

පියාපත් මැවී සරසවි උයනින්
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ //
රුවල බිඳී ගිය ආදර ඔරු කඳ
ගිලී ගියා මහවැලි ගං පතුලට

බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද

දෙගුරුන් ඉදි කළ පවුරු කඩොලු මැද
රැහැන් වෙලා ඔබ කුල සිරිතෙන් බැඳ //
ක්ෂිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කඳුළ ඉතිරි කර

බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balanna Soduriya Wiyapath Dasin Song Lyrics - බලන්න සොඳුරිය වියපත් දෑසින් ගීතයේ පද පෙළ Balanna Soduriya Wiyapath Dasin Song Lyrics - බලන්න සොඳුරිය වියපත් දෑසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2022 Rating: 5

0 comments:

Post a Comment