Ahenawa Nam Song Lyrics - ඇහෙනව නම් ගීතයේ පද පෙළ

Ahenawa Nam Song Lyrics - ඇහෙනව නම් ගීතයේ පද පෙළ
Song Title : Ahenawa Nam (ඇහෙනව නම්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිඳිනු මැනේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahenawa Nam Song Lyrics - ඇහෙනව නම් ගීතයේ පද පෙළ Ahenawa Nam Song Lyrics - ඇහෙනව නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 24, 2022 Rating: 5

0 comments:

Post a Comment