Suhadiniye Sagawan Song Lyrics - සුහදිනියේ සඟවන් ගීතයේ පද පෙළ

Suhadiniye Sagawan Song Lyrics - සුහදිනියේ සඟවන් ගීතයේ පද පෙළ
Song Title : Suhadiniye Sagawan (සුහදිනියේ සඟවන්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
තනුව : සංගීත් වික්‍රමසිංහ


සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වීණා බද වට කැරකෙන වරලස
අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suhadiniye Sagawan Song Lyrics - සුහදිනියේ සඟවන් ගීතයේ පද පෙළ Suhadiniye Sagawan Song Lyrics - සුහදිනියේ සඟවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment