Sigiri Bithu Sithuwam Athare Song Lyrics - සීගිරි බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළ

Sigiri Bithu Sithuwam Athare Song Lyrics - සීගිරි බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළ

Sigiri Bithu Sithuwam Athare Song Lyrics - සීගිරි බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Sigiri Bithu Sithuwam Athare (සීගිරි බිතු සිතුවම් අතරේ)
ගායනය : අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සීගිරි සීගිරි
සීගිරි සීගිරි
සීගිරි බිතු සිතුවම් අතරේ

සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ

යුග යුග පසුකර එන්නැති පසු පස
සුවඳ සොයාගෙන සුපුරුදු සෙනෙහස
කලා වැවේ මහ දිය කඳ තරමට
කඳුළු සලන්නැති අපි වෙන් වෙන්නට

සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ

දැන් දැන් ඒ යැයි මඟ බැලු භවයෙදි
සීගිරි ළඳකගෙ නිලුපුල් රතු වුණි
පා ඔසවන්නට අවසර නැති වුණි
හිත ඇවිදින් ඔබ තුරුලේ සැතපුණි

සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ

සැක බිය ඇති තැන ඔබ හමුවෙන්නට
හිරු පායාවිද සන්සුන් ලොවකට
බලා හිඳී අවුකන බුදු පිළිමය
එදින බුදු රැසින් අප නහවන්නට

සීගිරි බිතු සිතුවම් අතරේ
කවුරුද ඔබ රූ සිරි මැව්වේ
සීගිරි ගී කැටපත් පවුරේ
කවුරුද ඔබෙ පෙම් කවි ලිවුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Bithu Sithuwam Athare Song Lyrics - සීගිරි බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළ Sigiri Bithu Sithuwam Athare Song Lyrics - සීගිරි බිතු සිතුවම් අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment