Sanda Kanthi Wadi Song Lyrics - සඳ කාන්ති වැදී ගීතයේ පද පෙළ

Sanda Kanthi Wadi Song Lyrics - සඳ කාන්ති වැදී ගීතයේ පද පෙළ
Song Title : Sanda Kanthi Wadi (සඳ කාන්ති වැදී)
ගායනය : ලතා වල්පොල
පද : ආනන්ද සමරකෝන්
සංගීතය : එස්.එම්. සුබ්බයියා
1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.හින්දි ගී තනුවකි.


සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා
සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා
කුල්මත්ව සැලේ මා හදෙහී චේතනා දයා
හදෙහී චේතනා දයා //

මා ප්‍රේම ගී ගයන්නේ ඔබටයි මෙසේ ගොතා //
කොයි දේ නමුත් හිඳී නම්
ඔබ එන්නකෝ අසා
පසුකාලෙ මතක් වේය අපේ වූ විනෝදයා
කුල්මත්ව සැලේ මා හදෙහී චේතනා දයා
හදෙහී චේතනා දයා

පොඩි කාලෙ කීව ගීතේ //
අපි පෑ රැඟුම් එ කාලේ
දැන් දැන්ම වාගෙ සිහිවේ
ක්‍රීඩා කෙරූ දෙවේලේ
ක්‍රීඩා කෙරූ දෙවේලේ

මා ඒ සැම සිහිකරමි මෙසේ ප්‍රේම ගී ගයා
කුල්මත්ව සැලේ මා හදෙහී චේතනා දයා
හදෙහී චේතනා දයා

ආරණ්‍යයේ හිඳිම් මම්
පෙම් ගී ගයා කොතෙක් නම් //
මේ දර්ශනේ නිසා මා
කිවියක් වෙලා ගියා දැන්
කිවියක් වෙලා ගියා දැන්

ප්‍රේමේ සුදිලෙන කාන්ති වැදී ප්‍රීති වී ගියා
කුල්මත්ව සැලේ මා හදෙහී චේතනා දයා
හදෙහී චේතනා දයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kanthi Wadi Song Lyrics - සඳ කාන්ති වැදී ගීතයේ පද පෙළ Sanda Kanthi Wadi Song Lyrics - සඳ කාන්ති වැදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment