Rathriya Uwamana Kara Thibe Song Lyrics - රාත්‍රිය උවමනා කර තිබේ ගීතයේ පද පෙළ

Rathriya Uwamana Kara Thibe Song Lyrics - රාත්‍රිය උවමනා කර තිබේ ගීතයේ පද පෙළ
Song Title : Rathriya Uwamana Kara Thibe (රාත්‍රිය උවමනා කර තිබේ)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : දර්ශන රුවන් දිසානායක
ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර


රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

එකට ආ මාවතේ ළං ළං ව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමගකට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathriya Uwamana Kara Thibe Song Lyrics - රාත්‍රිය උවමනා කර තිබේ ගීතයේ පද පෙළ Rathriya Uwamana Kara Thibe Song Lyrics - රාත්‍රිය උවමනා කර තිබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment