චොක්ලට් හදමු (Chocolate)

චොක්ලට් හදමු (Chocolate) - Your Choice Way

ඉතාම අඩු වියදමකින් ,  සුලු කාලයකින් වගේම ඉතා  පහසුවෙන් ගෙදර හදා ගන්න පුළුවන් රසම රස චොක්ලට් වට්ටෝරුවක් තමයි මං අද ඔයාලට අරන් ආවෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ වෙලදපලේ තියන චොක්ලට් වගේ දිගු වේලාවක් මේ චොක්ලට් එලියෙ තියන්න බැහැ ශීතකරණයේ තියන්න ඕන.ඒවගේම චීස් රෙසිපි එකේදී දෙතුන් දෙනෙකුට ප්‍රශ්ණ තිබුනා කඩේ රසට නෑ කියලා .වෙලඳ පලේ කෑම වලට දාන රසකාරක , කල් තියා ගන්න යොදන ද්‍රව්‍ය , පාට වර්ග සහ අනෙකුත් රසායනික කිසිවක් අපි ගෙදර හදන කෑම වලට එකතු කරන්නේ නැහැ .ඉතිං අපට ඒ රසම නැති උනාට වස විස නැතුව අපේ ආහාර අපට ගෙදරදි සෞඛ්‍යාරක්ෂිතව සකස් කර ගන්න පුළුවන් කියන එක ගැන ඔයාලා සතුටු වෙන්න.
ඔන්න එහෙම කැමති අය මේකත් හදලා රස කියන්නකෝ 😍 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍖 පොල් තෙල් කෝප්ප 1/3 ක්(80ml) ක්
  • 🍖 අයිසින් සීනි/ කුඩුකර හලාගත් සීනි කෝප්ප 1/2 ක්
  • 🍖 කිරිපිටි කෝප්ප 1/4 ක්
  • 🍖 කොකෝවා පවුඩර් කෝප්ප 1/4 ක්
  • 🍖 වැනිලා තේ හැඳි 1/4 ක්
  • 🍖 සිහින්ව කපාගත් කජු සහ වියලි මිදි ටිකක් (අත්‍යාවශ්‍ය නැහැ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔥 මුලින්ම අයිසින් සීනි, චොක්ලට් පවුඩර් සහ කිරිපිටි එකට හලා මිශ්‍ර කර පසෙකින් තබන්න .
  2. 🔥 අපි මෙය හදන්නෙ ඩබල් බොයිල් ක්‍රමයට.ඒ සඳහා භාජනයක් සහ ඒ භාජනය මත තැබිය හැකි වීදුරු හෝ ඇලිමිනියම් බෝල් එකක් තෝරා ගන්න.
  3. 🔥 දැන් එම භාජනයට වතුර කෝප්ප 2 ක් පමණ දමා උණු කරන්න .
  4. 🔥 වතුර උතුරණ විට තෝරාගත් බෝල් එක ඒ මත තබා , බෝල් එක යන්තමින් රත් වන විට පොල් තෙල් එම බෝල් එකට දමන්න .
  5. 🔥 පසුව ලිපේ  ගින්දර අඩු කර මිශ්‍ර කර ගත් අයිසින් , කිරිපිටි සහ චොක්ලට් පවුඩර් එයට එකතු කර හොඳින් මිශ්‍ර වනතුරු හැඳි ගාන්න.
  6. 🔥 වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  7. 🔥 මෙම මිශ්‍රණය තරමක් ඝන ද්‍රාවණයක් , ගොඩාක් ඝන වෙනකන් ඉන්න එපා වත්කරන්න පුලුවන් ප්‍රමාණයට තියෙන්න ඕන.ඝන වැඩි උනොත් පොල්තෙල් පොඩි ප්‍රමාණයක් එකතු කර මිශ්‍ර කර ගන්න.
  8. 🔥 ලිපෙන් ඉවතට ගෙන හැඳි ගාන්න. නිවෙන්න කලින් සිලිකන් අච්චු වලට හෝ ඔයාලා ලඟ තිබෙන ශීතකරණයේ අයිස් මුදවන ට්‍රේ එකකට හරි කුඩා හැන්දකින් ටික ටික වත් කර ගන්න.
  9. 🔥 ඔයාලට කැමති නම් සිහින්ව කපාගත් කජු සහ මිදි ටිකක් චොක්ලට් මැදට එකතු කර ඊට උඩින් නැවත චොක්ලට් මිශ්‍රණයෙන් ටිකක් දමා ගන්න.
  10. 🔥 හොඳින් නිවුනු පසු ශීතකරණයේ පැයක් තබා අච්චුවෙන් ගලවා රස බලන්න පුළුවන් .

ආයෙත් මතක් කරනවා කඩේ චොක්ලට් වගේ වැඩි වෙලාවක් එලියෙ තියන්න බැහැ ශීතකරණයේ තබා ගන්න .

හෙළයේ රස මිහිර
චොක්ලට් හදමු (Chocolate) - Your Choice Way

චොක්ලට් හදමු (Chocolate) - Your Choice Way

චොක්ලට් හදමු (Chocolate) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් හදමු (Chocolate) චොක්ලට් හදමු (Chocolate) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment