Pani Miri Soyana Song Lyrics - පැනි මීරි සොයන ගීතයේ පද පෙළ

Pani Miri Soyana Song Lyrics - පැනි මීරි සොයන ගීතයේ පද පෙළ

Pani Miri Soyana Song Lyrics - පැනි මීරි සොයන ගීතයේ පද පෙළ
Song Title : Pani Miri Soyana (පැනි මීරි සොයන)
ගායනය : අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය : අනෝමා රාජකරුණා
තනුව හා සංගීතය : නවරත්න ගමගේ
ටෙලි නාට්‍යයකිනි. (එය "සුද්දී" නම් වාර්තාමය ටෙලි නාට්‍යයේ යැයි හඟිමි.)


පැනි මීරි සොයන
නෙක මල් සිඹින //
රන් සමනළුන් යන මඟ පිපෙන
අතු අග දිළෙන මල් කැකුළ ඔබය
මල් කැකුළ ඔබය

නෑ මං තමයි ඒ මල් සුවඳ
ඒ මල් සුවඳ

නියඟයේ පීඩාව දරාගෙන කර්කෂ
ඉරිතලා පැලී ගිය
මහ පොළව මත රොද බඳිනා
වැහි වලාකුළ ඔබය
නෑ මං තමයි  ඒ පොද වැස්ස
ඒ පොද වැස්ස

මල්බරවී ඵල දරනා
ගොයමක් සේ කිරි වදිනා //
ගැබ් බරවී වදන්නට විළි දරනා
අස්වැන්න කුස දරනා
මහා පොළව ඔබය
නෑ මං තමයි ඒ අස්වැන්න
ඒ අස්වැන්න

ආ... ආ... ආ ..... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pani Miri Soyana Song Lyrics - පැනි මීරි සොයන ගීතයේ පද පෙළ Pani Miri Soyana Song Lyrics - පැනි මීරි සොයන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2022 Rating: 5

0 comments:

Post a Comment