Pale Wasana Ranmali Song Lyrics - පැලේ වසන රන්මලී ගීතයේ පද පෙළ

Pale Wasana Ranmali Song Lyrics - පැලේ වසන රන්මලී ගීතයේ පද පෙළ
Song Title : Pale Wasana Ranmali (පැලේ වසන රන්මලී)
ගායනය : සිඩ්නි ආටිගල
පද : උපාලි අත්තනායක
තනුව / සංගීතය : බී.එස්. පෙරේරා


පැලේ වසන රන්මලී
මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී //

වෙලේ දිළෙන රන් ගොයම් කරල්
ඔබේ හඬට යයි නැමී //
වනේ පිපෙන මල් සිනාසිසී
ඔබේ දෙපා පොඩි සිඹී

දුගී දිළිඳු රන්මලී
ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී

ඔබේ දිළිඳුකම යටයි සුදෝ
සැබෑ සොඳුරු ගුණ නිසා //
ඔබේ සිනාවක් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා
ඔබේ සිනාවක් අගෙයි මටා
හෙළේ ඔටුන්නට වඩා

ප්‍රියේ සොඳුරු රන්මලී
මගේ සැපත සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසී ඇසී
සොයා එමී රන්මලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pale Wasana Ranmali Song Lyrics - පැලේ වසන රන්මලී ගීතයේ පද පෙළ Pale Wasana Ranmali Song Lyrics - පැලේ වසන රන්මලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2022 Rating: 5

0 comments:

Post a Comment