Your Choice Way

Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ

Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ
Song Title : Nilupulaka Yawela (නිලුපුලක යාවෙලා)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ //

උපුලී නුවන් තෙමා
හඬනා වෙලාවේ
මේ විල් තෙරේ මා
ඇයි තනිවුනේ
නිසලයි දියේ රෑ
සෙවණැලි ඇඳීලා
දියඹට බියයි හද ආසා
මේ රාත්‍රියේ

නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ

ගැඹරේ කළල් දියේ
උපුලී උපන්නේ
රෑ රොන් සළාලා
මැලවෙන්නදෝ
අරුණෝදයේ මා
හෙට එමි සොයාලා
මැලවෙන්න පෙර මා දෝතින්
නෙළමී ප්‍රියේ

නිලුපුලක යාවෙලා
දෙනුවන් ඇගේ
සිතුවම් වෙලා පිපේ
කඳුළැලි විලේ
නිලුපුලක යාවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ Nilupulaka Yawela Song Lyrics - නිලුපුලක යාවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, May 12, 2022 Rating: 5

0 comments:

Post a Comment