Nagala Gan Widiye Song Lyrics - නාගල ගං වීදියේ ගීතයේ පද පෙළ

Nagala Gan Widiye Song Lyrics - නාගල ගං වීදියේ ගීතයේ පද පෙළ

Nagala Gan Widiye Song Lyrics - නාගල ගං වීදියේ ගීතයේ පද පෙළ
Song Title : Nagala Gan Widiye (නාගල ගං වීදියේ)
ගායනය : නිරංජලා සරෝජිනී සමග ගුණදාස කපුගේ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : එච්. එම්. ජයවර්ධන


නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී //

කැලණි ගඟාණෝ උතුරා ගං වතුරත් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අග අපි උඹවත් හෙව්වා

වැලි ගල් රොන් මඩ ගඳ නම් උහුලන්නට බෑ
කටසැර අම්මණ්ඩි කොහේද කවුරුත් දන්නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

ඔහේ පාළුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහොක මහ ගජ සෙන් විලසා
අනේ අනිච්චං කියලා කියූ කෙනෙක් නෑ
කටසැර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nagala Gan Widiye Song Lyrics - නාගල ගං වීදියේ ගීතයේ පද පෙළ Nagala Gan Widiye Song Lyrics - නාගල ගං වීදියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2022 Rating: 5

0 comments:

Post a Comment