Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ

Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ
Song Title : Monalisa (මොනාලිසා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

දූවිලි හාදු ගොඩේ ආදරේට සැතපෙද්දී
යකඩ කඳන් දිගේ පිපෙයි සුදු අරලිය මල්
නෙලා ගන්න අත දිග නැති රෝස කුසුම් සුවඳ හලයි
ලඟින් ගියත් අපට කොහෙද ඒ සුවදැති මල්

සඳුන් සුවඳ කාමරයේ වැටී දෝර ගලයි
මොනාලිසා අපි කවදද ජෝඩු වෙන්න හිතේ
කූඩු වෙන්න පතන පැතුම් අහස තරම් උසයි
ඒ වුනාට තනි වුනාම මට මං ගැන දුකයි

සිහින සාප්පුවේ දොර අරින්න මොනාලිසා
පරණ සේප්පුවේ රන් කාසි ගනින්න
හිතට යාප්පුවේ හිනාවෙන්න කියාදෙන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න
හතරෙ කෝච්චියේ කොළඹ දුවන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment