Me Thani Yahane Song Lyrics - මේ තනි යහනේ ගීතයේ පද පෙළ

Me Thani Yahane Song Lyrics - මේ තනි යහනේ ගීතයේ පද පෙළ
Song Title : Me Thani Yahane (මේ තනි යහනේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය ‍රෝහණ වීරසිංහ


මේ තනි යහනේ
නිදිනැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ
නොනිදන කවුරු හෝ හිඳී
පෙරදා පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
මේ තනි යහනේ
නිදිනැති පාළු රාත්‍රියේ

තාරකා දැළෙන් එහා ඒ අහිමි විජිතයේ
සිහින සේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ
පීදෙනා යොවුන් සිනා මල් සැඟවෙනා පැයේ
සුසුමදෝ හඬා වැටෙන්නේ බිඳුණු ස්නේහයේ

මේ තනි යහනේ
නිදිනැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ
නොනිදන කවුරු හෝ හිඳී

නෑසෙනා හඬින් කියූ ඒ පෙම් කතා අපේ
මේ සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුළුවෙන් බලා සිනාසී නිසල වී හදේ
කවුරුදෝ සෙමින් මැකීයයි කඳුළකින් නෙතේ

මේ තනි යහනේ
නිදිනැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ
නොනිදන කවුරු හෝ හිඳී
පෙරදා පුරුදු සේ නොහඬා හැඬූ නෙතින්
මේ තනි යහනේ
නිදිනැති පාළු රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Thani Yahane Song Lyrics - මේ තනි යහනේ ගීතයේ පද පෙළ Me Thani Yahane Song Lyrics - මේ තනි යහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2022 Rating: 5

0 comments:

Post a Comment