Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ

Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ
Song Title : Ma Sithata Ahamben (මා සිතට අහම්බෙන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //
මා සිතට අහම්බෙන්

අඳුර සඳක් වේවී
ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

ලොවම උරණ වේවී
සා පවසෙත් නොදෙනා ලෙස සීතල දිය කැන්
සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙළෙසින්
මා සිතට අහම්බෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ Ma Sithata Ahamben Song Lyrics - මා සිතට අහම්බෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment