තෝසෙ සමග පොල් චට්නි හදමු (Cocount With Dosai)

තෝසෙ සමග පොල් චට්නි හදමු (Dosai) - Your Choice Way

අද මං ඔයාලට ගෙනාවෙ ගොඩාක් සොෆ්ට් ඒවගේම ස්පොන්ජ් ගතියෙන් යුත් රසවත් ඉන්දියානු තෝසෙ රෙසිපි එකක් . මෙහි තවත් විශේෂත්වය තමයි කිසිම පිපුම් කාරකරයක් එකතු කලේ නැතුව තමයි හදන්නෙ . ඒවගේම හබලපෙති සහ සහල් පිටි වලින් හදන වට්ටෝරුවක් නිසා ඉතාමත් පෝශණීයයි 😍 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 සුදු කැකුළු සහල් කෝප්ප 2 ක්
  • 🌼 හබලපෙති කෝප්ප 1 ක්
  • 🌼 උළුහාල් තේ හැඳි 1/2 ක්
  • 🌼 පොල් කෝප්ප 1 ක්
  • 🌼 අවශ්‍ය පමණ ලුනු
  • 🌼 වතුර

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 මුලින්ම සහල් හොඳින් සෝදා වතුර ඉවත් කර උළුහාල් සහ වතුර කෝප්ප 4 ක් පමණ එකතු කර පැය 4ක් පොඟවා ගන්න.
  2. 🍁 පොඟවා ගත් සහල් වතුර පෙරා ඉවත් කර වතුර ස්වල්පයක් එකතු කර මෘදු පේස්ට් එකක් වනතුරු අඹරා ගන්න.
  3. 🍁 පසුව හබලපෙති ද හොඳින් සෝදා පොඟවා ගන්න.
  4. 🍁 ගාගත් පොල් ,හබලපෙති සහ වතුර කෝප්ප 1/2 ක් පමණ එකතු කර සිහින්ව අඹරා ගන්න . වතුර වැඩි කර ගන්න එපා ටික ටික එකතු කර ග්‍රයින්ඩ් කරන්න මදි නම් තව එකතු කර ගන්න.
  5. 🍁 දැන් ඒ අඹරාගත් මිශ්‍රණ දෙකම එක බඳුනකට දමා වතුර කෝප්පයක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . අපට ටිකක් ඝන මිශ්‍රණයක්  ඕනෙ ඒනිසා වතුර වැඩිකර ගන්න එපා.
  6. 🍁 දැන් මේ සකසා ගත් මිශ්‍රණය හොඳින් වසා පැය 8 ක් පමණ තබන්න.
  7. 🍁 පැය 8 කට පසු අවශ්‍ය පමණ ලුනු එකතු කර ගන්න.

✅ තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 අබ ඇට තේ හැඳි 1 ක්
  • 🌼 කරපිංචා කොල ටිකක්
  • 🌼 සිහින්ව අඹරාගත් අමු මිරිස් කරල් 3ක් පමණ
  • 🌼 තෙල් මේස හැඳි 3ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 දැන් තෙල් ටික ලිප තබා රත් වන විට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  2. 🍁 එයට සිහින්ව ලියාගත් කරපිංචා , අඹරාගත් අමු මිරිස් එකතු කර තෙම්පරාදු කරන්න.
  3. 🍁 දැන් මේ තෙම්පරාදුව තෝසෙ මිශ්‍රණය ට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  4. 🍁 දැන් පෑන් එකක් ලිප තබා මද ගින්නේ රත් කර තෝසෙ මිශ්‍රණයෙන් ලොකු හැන්දක ප්‍රමාණයක් දමා  පියනෙන් වසා විනාඩි 2 ක් පමණ පිස ගන්න . මිශ්‍රණය තුනී කරන්න අවශ්‍ය නැහැ .අපි මේ තෝසෙ එක උසට හදා ගන්නෙ.
  5. 🍁 දැන් අනික් පැත්ත දමා තවත් විනාඩි 2 ක් පමණ පිස ගන්න.

පොල් චට්නි

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌼 ගාගත් පොල් කෝප්ප 1 ක්
  • 🌼 මිංචි හෝ කරපිංචා කොල මිටක්
  • 🌼 අමු මිරිස් කරල් 4 ක්
  • 🌼 රතුළූනු 3,4ක්
  • 🌼 වතුර කෝප්ප 1/2 ක්
  • 🌼 දෙහි යුශ
  • 🌼 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍁 මේ සියල්ල එකට දමා ග්‍රයින්ඩ් කර ගන්න .
  2. 🍁 පසුව තෙල් මේස හැඳි 2 ක් ලිප තබා රත්කර එයට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  3. 🍁 පුපුරන විට කපාගත් වියලි මිරිස් ටිකක් එකතු කරන්න.
  4. 🍁 සිහින්ව ලියාගත් රතුළූනු ටිකක් සහ කරපිංචා ටිකක් එකතු කර හොඳින් තෙම්පරාදු කර පොල් චට්නි එකට එකතු කර මිශ්‍ර කර ගන්න.
ඔන්න එහෙනම් හදලා ඉවරයි 😍 ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞 

හෙළයේ රස මිහිර
තෝසෙ සමග පොල් චට්නි හදමු (Dosai) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තෝසෙ සමග පොල් චට්නි හදමු (Cocount With Dosai) තෝසෙ සමග පොල් චට්නි හදමු (Cocount  With Dosai) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment