පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද? (Family Planning)

පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද (Family Planning) - Your Choice Way

දේශපාලන පක්ෂ තනි පවුලක ආධිපත්‍යයට යට පත් වූ විට කුමක් සිදුවේද? මෙයට පිළිතුර අපට ඉන්දියාවේ දේශපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ලබා ගත හැකිය. එමගින් ඒකාධිපතිවාදය වර්ධනය වීම, දුර්වල නායකයන් බිහි වීම සහ පැහැදිලි මතවාදයක් නොමැති නායකයන් බිහි වීම ඉන්දියානු දේශපාලනය දෙස අවධානය යොමු කිරීම මගින් හඳුනා ගත හැක. මෙම සියලු කරුණු කලක් ඉන්දියාවේ ආධිපත්‍යය දැරූ දේශපාලන පක්ෂයක් වූ කොන්ග්‍රස් පක්ෂයෙන් බොහෝ දුරට දක්නට ලැබුණි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වෙනේ අප අසල්වාසී ඉන්දියාව එසේත් නැතිනම් ඉන්දියානු ජනරජය (Republic of India) යි. එමෙන්ම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මහජන ආණ්ඩුවක් පිහිටුවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමටද අයිතියක් හිමි වී ඇත.

බොහෝ දේශපාලන පක්ෂ ප්‍රකට දේශපාලනඥයින්ගේ පවුලක් සමඟ සමීපව සම්බන්ධ වී ඇති අවස්ථා ඇති නමුත් එක් පවුලක් විසින් පක්ෂයක් උපරිම ලෙස අල්ලා ගැනීම මනා ලෙස පෙන්වා දුන්නේ ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය තුල නේරු-ගාන්ධි පවුල විසින් දරනු ලැබූ ආධිපත්යයයි. සියවසක කාලයක් තිස්සේ කොංග්‍රස් පක්ෂයට සහ එහි පූර්වගාමියා වූ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය (එය ඉන්දියාව නිදහස ලබා ගැනීමට වසර ගණනාවකට පෙර සිටම දේශපාලන පක්ෂයක් ලෙස සහ නිදහස දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කළ සංවිධානයක් ලෙසද කටයුතු කරන ලදී) බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ මෙම පවුලේ සාමාජිකයින් විසිනි.

මෙම පවුලේ කුලදෙටුවන් වූ ප්‍රකට නීතීඥ මොතිලාල් නේරු 1919-20 සහ 1928-29 දී එම කොංග්‍රසයේ සභාපති ලෙස කටයුතු කරන ලදී. ඔහු කොංග්‍රසයේ මතවාදය ගොඩනැගීමට මෙන්ම එම සංවිධානය පෙරට වඩා වැඩියෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව බලපෑම් කිරීමටද මෙහෙයවන ලදී. එහෙත් 1931 දී ඔහු මිය යාමත් සමග ඔහුගේ පුත් ජවහර්ලාල් එම ව්‍යාපාරයේ කැපී පෙනෙන බලවේගයක් බාවට පත් වීමට සමත් විය.

කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලැබූ ජවහර්ලාල් නීතීඥයෙකු විය. 1931 දී ඔහු කොන්ග්‍රසයට මඟ පෙන්වන ලේඛනයේ වෙනස් කම් කිහිපයක් සිදු කළ අතර එමගින් ඔහු කොංග්‍රසයේ මූලික වටිනාකම් ලෙස නිදහස, සමානාත්මතාවය, විවිධත්වය සහ ලෞකිකවාදය ප්‍රකාශ කළේය. ඊට අමතරව ඔහු බ්‍රිතාන්‍යයන්ගෙන් ස්වයං පාලනයක් පමණක් නොව පූර්ණ නිදහසක් ඉල්ලීම සඳහා කොන්ග්‍රසය මෙහෙය වන ලදී. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කොංග්‍රසය විසින් සිදු කළ විරෝධතාවලටද සහභාගී වූ අතර මේ හේතුව නිසා ඔහුට වසර ගණනාවක් සිරගතව සිටීමටද සිදු විය.

මේ හේතු නිසා දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ ජවහර්ලාල් කොංග්‍රසයට විශේෂයෙන් වැදගත් වූ පුද්ගලයකු බවට ක්‍රමයෙන් පත් විය.  ඉන්දියාව නිදහස ලබා ගැනීමට ආසන්න වෙත්ම ඔහු කොංග්‍රසයේ ප්‍රධාන නායකයා බවට පත්විය. එමෙන්ම මොහාන්දාස් ගාන්ධිගේ නොපැහැදිලි අධ්‍යාත්මික අරගලවලට වඩා ජවහර්ලාල්ගේ සාකච්ඡාවන් හා දේශපාලන සංවිධානය සඳහා වූ හැකියාවන් බ්‍රිතාන්‍යයන් සමඟ සංවාදයේදී වඩාත් ප්‍රයෝජනවත් විය. මේ හේතු නිසා කොංග්‍රසය නිදහස දිනා ගැනීමේ සමාජ ව්‍යාපාරයක සිට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් බවට පත්වීමත් සමඟ එහි නායකත්වය ලබා දීම සඳහා එකම තේරීම වූයේ නේරු ය.

එමෙන්ම නිදහස දිනා ගැනීමට මුල් වූ එක් වීරයෙකු වශයෙන් නේරුට තම පක්ෂය වටා විවිධ ජාතීන් එක් කර ගැනීමටද හැකි විය. එහෙත් අගමැතිවරයකු ලෙස ඔහු එතරම් සාර්ථක වූයේ යැයි සැලකිය නොහැක. ඔහුගේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියද එතරම් සාර්ථක නොවු අතර ඉන්දියාව “නොබැඳි” ලෝකයේ නායකයෙකු කිරීමේ ඔහුගේ සිහිනයද කිසි විටෙකත් සැබෑ නොවීය. නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා පිරිහී ගියත්, ඉන්දියාව චීනය සමඟ අවුල් සහගත යුද්ධයකට ඇද වැටෙද්දීත් නේරු තවමත් ඔහුගේ පක්ෂයේ අවිවාදිත නායකයා විය. එහෙත් අවසානයේ ඔහු 1964 දී මිය ගිය අතර ඒ වන විට කොංග්‍රසයේ නායකත්වය සඳහා දෙවන පෙළ අපේක්‍ෂකයෙකු සිටියේ නැත.

ජවහර්ලාල් නේරු මිය යන විටත් කොන්ග්‍රසය ඉන්දියාව නිදහස ලැබූ වකවානුවේදී මෙන්ම ඉන්දියාව තුළ ආධිපත්‍ය දැරූ ප්‍රමුඛතම පක්ෂය විය. එම නිසා එකල ඉන්දියාව තුල පැවති එකම සැබෑ දේශපාලන තරගය වූයේ කොංග්‍රස් පක්ෂයේ නායකයා තීරණය කිරීම පමණි. ඒ අනුව නිදහස් ව්‍යාපාරයේ නේරු සහ ගාන්ධිගේ සගයෙකු වූ ලාල් බහදූර් ශාස්ත්‍රී ඊළඟ පක්ෂයේ ප්‍රධානියා ලෙස තෝරා ගනු ලැබූ අතර ඒ අනුව ඔහු ඊළඟ මාස 18ක කාලය සදහා අගමැති ලෙස පත් විය. එහෙත් ඔහුගේ පාලන සමයද එතරම් සිත් ඇදගන්නා සුළු එකක් නොවූයේ එම කාලය තුළ පාකිස්තානය සමඟ යුද්ධයක් ඇති වීම නිසාය. මෙහිදී මෙම දෙරට අතර ඇති වූ ගැටුම පකිස්ථානය ආක්‍රමණය කිරීමක් දක්වා දුරදිග යන ලදී.

එහෙත් මෙම යුද්ධයෙන් ඇති වූ පීඩනය නිසා දෝ ශාස්ත්‍රි මිය යන ලදී. ඒ අනුව ඔහු 1966 දී සාම ගිවිසුම අත්සන් කිරීමෙන් දිනකට පසු මිය යන ලදී. ඒ අනුව ශාස්ත්‍රීගේ මරණයෙන් පසු කොංග්‍රසයේ නායකයින් නව පක්ෂ නායකයෙකු සොයමින් සිටි අතර අවසානයේ ඔවුන් ජවහර්ලාල් නේරුගේ දියණියක් වන ඉන්දිරා ඒ සඳහා තෝරා ගන්නා ලදී.

ඉන්දිරා ගාන්ධි (ගාන්ධි යන නාමය ඇයට ලැබුණේ මෝහන්දාස් ගාන්ධිගේ නාමය නිසා නොව ඇය විවාහ වී සිටියේ ෆෙරෝස් ගාන්ධි නම් අයෙකු සමඟ වීම නිසාය) ඔහුගේ පියා අගමැතිව සිටියදී ඔහුට සහය වූ අතර ඊට අමතරව ඇය ශාස්ත්‍රිගේ පාලනය යටතේ තොරතුරු හා විකාශන අමාත්‍ය ධූරය දරණ ලදී. කුමාරස්වාමි කාමරාජ් වැනි කොංග්‍රස් නායකයින් ඇයව නියම අපේක්ෂිකාවක් ලෙස සැලකූහ. ඔවුන් සිතුවේ ඇය තම පියාගේ දායාදයෙන් නීත්‍යානුකූල භාවය ලබා ගන්නා කාන්තාවක් ලෙස සහ පක්ෂයේ සිටි අනෙක් අපේක්ෂකයන්ට වඩා ඇය බොළඳ හා මෘදු රූකඩයක් වනු ඇති බවයි.

එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි. 1967 මැතිවරණ වල බලාපොරොත්තු සුන් කරවන ප්‍රතිඵල වලින් පසුව කොංග්‍රසයට ව්‍යවස්ථාදායකය තුළ මඳක් අඩු බලයක් ලැබීමෙන් පසු ඉන්දිරා සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට පටන් ගත්තාය. ඒ අනුව ඇය පක්ෂ ප්‍රධානීන්ගේ තීරණ නොසලකනු ලැබූ අතර වඩාත් පැහැදිලිව සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පටන් ගත්තාය. එහෙත් අවසානයේ 1969 දී පක්ෂ ප්‍රධානීන් ඇයව පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීය. 

ඒ අනුව ඉන්දිරා තමාගේම කොංග්‍රස් කන්ඩායමක් ("කොංග්‍රස්-ආර්" යනුවෙන් හැඳින්වෙන) පිහිටුවා ගත් අතර පක්ෂයේ වැඩි කොටසක් ඇය වෙත ආකර්ෂණය කර ගැනීමටද සමත් විය. මේ හේතුව නිසා ඇය තම පෞද්ගලික බලය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය. ඒ අනුව 1971 ඡන්දයේදී වඩාත්ම වැදගත්ම සාධකය බවට පත් වීමට ඉන්දිරා සමත් විය. එහිදී විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය වූයේ "ඉන්දිරා ඉවත් කරන්න" යන්නයි. එහෙත් දිළිඳුකම පිටුදැකීමේ අභිලාෂකාමී වැඩසටහනක් ආරම්භ කිරීමෙන් ඇය එම මැතිවරණයේ ජයග්‍රාහිකාව බවට පත් වීමට සමත් විය. මෙයත් සමග දුප්පත් ඉන්දියානුවන්ට අනුග්‍රහය දැක්වීමට සහ දේශපාලන පක්ෂපාතීයින්ට ත්‍යාග පිරිනැමීම සඳහා ඇයට භාවිතා කළ හැකි දැවැන්ත අනුග්‍රහක ජාලයක් ඇයට ලැබුණි. එමෙන්ම 1971 දී බංග්ලාදේශයට පකිස්ථානයෙන් නිදහස ලබා ගැනීමට හැකි වන පරිදි ඇය පකිස්ථානය සමඟ සාර්ථක යුද්ධයක් ද සිදු කලාය.

ඒ අනුව 1970 දශකයේ මැද භාගය වන විට ඉන්දිරාගේ බලය කිසිවෙකුටත් ස්පර්ශ කළ නොහැකි තරමේ එකක් බවට පෙනෙන්නට තිබුණි. නමුත් 1975 ජුනි මාසයේදී ඇය 1971 ව්‍යවස්ථාදායකය සඳහා ඉදිරිපත් වූ තරඟයේදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට අධිකරණය විසින් තීන්දු කරන ලදී. (ඇය අවසර මුදලට වඩා වැඩි මුදලක් මැතිවරණයට වැය කර ඇති අතර රජයේ දේපල, සම්පත් සහ සේවකයින් ද ඇගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගෙන ඇත)

ඒ අනුව ලෝක් සභාවේ ඇයට හිමි අසුන අහිමි වූ අතර වසර 6 ක කාලයක් ධූරය දැරීමද තහනම් කෙරිණි. එහෙත් ඉන්දිරා මෙය දුටුවේ නීතිමය ගැටලුවක් ලෙස නොව දේශපාලන යුද්ධයක් ලෙසය. එහෙත් ඒ වන විටත් බොහෝ පාක්ෂිකයන් පිරිසක් ඇය සමග සිටි නිසා පක්ෂයේ බලය ඇය සතු වූ අතර ඇයගේ පාක්ෂිකයන් චෝදනා කලේ මෙය කුමන්ත්‍රණයක් බවත් මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබුවේ විපක්ෂය බවත්ය. 

මෙම විරෝධතා වර්ධනය වෙද්දී ඉන්දිරා සිය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. හදිසි නීතිය යටතේ ඇය ඕනෑම විරුද්ධවාදිකරුවෙකුට නිර්දය ලෙස පහර දුන්නේය.  විරෝධතාකරුවන් සිරගත කරන ලද අතර ඇයට විරුද්ධ පක්ෂ තහනම් කරන ලදී. එමෙන්ම ඇයව විවේචනය කරනු ලැබූ පුවත්පත් කාර්යාල වල විදුලිය විසන්ධි කරන ලදී.

වසර දෙකක් පැවති මෙම හදිසි නීතිය අතරතුර පක්ෂය සහ රජය කෙරෙහි ඉන්දිරා සිය පවුලේ පාලනය දිගු කළාය. ඇය ඒ වන විටත් තම එක් පුතෙකු වූ සංජේ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබුණද මෝටර් රථ සමාගමක් පාළනය කිරීම සඳහා යොදවන ලදී. එහෙත් හදිසි නීතිය උත්සන්න වීමත් සමඟ ඉන්දිරා විශ්වාසවන්ත උපදේශකයෙකු ලෙස ඔහු කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාසය තබා සංජේව රජයට ගෙන එන ලදී. ඒ අනුව සංජේට රජය තුළ පුළුල් භූමිකාවක් හිමි වන ලදී. එමෙන්ම ඔහු සහ ඔහු සමග සිටි ඔහුගේ මිතුරන්ගේ රජය තුළ තිබූ බලය බොහෝ විට කැබිනට් ඇමතිවරුන් සතුව තිබූ බලයද ඉක්මවා යන ලදී. 

එමෙන්ම සංජේ මෙම කාලය තුලදී බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ ඔහු සිදු කළ කුප්‍රකට "මුඩුක්කු නිෂ්කාශනය" නම් වැඩසටහන සමගයි. මෙහිදී ඔහු විසින් ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් අවට ප්‍රදේශය “අලංකාර කිරීම” සඳහා දිල්ලියේ දුප්පත් වැසියන් 70,000 කගේ නිවාස අහිමි කරන ලදී. ඊට අමතරව ඔහු ඉන්දියාවේ ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා සිදු කල බලහත්කාර වන්ධ්‍යාකරණය කිරීමේ ව්‍යාපාරයකටද නායකත්වය ලබා දුන්නේය.

මේ අතර පවුලේ සාමාජිකයින් හා ඇය වටා සිටි උපදේශකයන් විසින් ඉන්දිරා ගාන්ධිට හදිසි නීතිය අවසන් කර නව මැතිවරණයක් පැවැත්විය හැකි පරිදි ඇගේ ප්‍රතිපත්ති ජනප්‍රිය බවට ඒත්තු ගන්වන ලදී. නමුත් ඔවුන් සියල්ල වැරදි විය. ඒ අනුව ඉන්දිරාගේ මෙම ඒකාධිපති පාලනය අවසන් කිරීම සඳහා පමණක්ම එකට එක් වූ පක්ෂ එකතුවක් වන ''ජනතා සන්ධානය' විසින් 1977 මැතිවරණය ජයග්රහණය කළේය. ඒ අනුව ඉන්දිරා සහ සංජේ ගාන්ධි යන දෙදෙනාම ලෝක් සභාව සඳහා පැවති මැතිවරණය පරාජයට පත් විය.

නමුත් ඔවුන් බලයට පත් වීමත් සමඟ ඉන්දිරාට විරුද්ධව ඒකරාශි වී සිටි පක්ෂ රාශියක් බෙදී වෙන්ව යන ලදී. එමෙන්ම ඔවුන්ගේ අපරාධ සම්බන්ධයෙන් ඉන්දිරාට සහ ඇගේ හවුල්කරුවන්ට එරෙහිව නඩු පැවරීමට ඔවුන් දැරූ උත්සාහය මගින් රට බෙදීමකටද ලක් විය. එක් අවස්ථාවක ඉන්දිරාගේ ආධාරකරුවන් රජය ඇයට නඩු පැවරීමට විරුද්ධව ගුවන් යානයක් පවා පැහැර ගන්නා ලදී.

1978 වන විට ඉන්දිරා විශේෂ මැතිවරණයක් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීමට සමත් විය. එමෙන්ම 1980 දී ඇය සහ කොංග්‍රසය නැවත ව්‍යවස්ථාදායකයේ බලය දිනා ගත්හ. 1980-1984 දක්වා වූ ඇගේ දෙවන ධුර කාලය පන්ජාබ්හි වාර්ගික ප්‍රචණ්ඩත්වය ආධිපත්‍යය දැරූ කාල සීමාවක් විය. 

එහි සිටි සීක් සුළුතරය ස්වෛරීභාවය හෝ නිදහස සඳහා ඉල්ලා සිටින ලදී. නමුත් ඉන්දිරා විසින් ඉතා දරුණු ලෙස මෙය පාලනය කිරීම සිදු කළ අතර ඊට කාලතුවක්කු හා යුද ටැංකිද භාවිතා කරන ලදී. අවසානයේ මෙම මිලිටරි ප්‍රහාරය සීක් පූජනීය ස්ථානයක් වන ස්වර්ණ දේවාලයට පවා එල්ල කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට මාස කිහිපයකට පසු ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතික ආරක්ෂකයින් දෙදෙනෙක් ඇයව ඝාතනය කරන ලදී.

1984 වන විට කොන්ග්‍රස් පක්ෂය වසර 37 ක් පුරා නේරු-ගාන්ධි පවුලේ පාලනය යටතේ පැවතුනි. නමුත් ඔවුන්ගේ අනාගතය කෙබඳු වේද? හදිසි අවස්ථාව සමයේදී ඉන්දිරා විසින් පැහැදිලිවම සංජේව පක්ෂ නායකයෙකු කිරීම සඳහා සූදානම් කරමින් සිටින ලදී. නමුත් එය සාර්ථක නොවූයේ ගුවන් යානා අනතුරකින් ඔහු 1980 මිය ගිය නිසාය. 

1980 ජුනි මාසය වෙද්දී රජීව් තම සොයුරා මෙන් දේශපාලනයට සහභාගී නොවී එයාර් ඉන්දියා ගුවන් සේවයේ තෘප්තිමත් ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටින ලදී. එහෙත් සංජේ මිය යාමත් සමඟ ඉන්දියා ගාන්ධි සහ ඇගේ පක්ෂයේ නායකයින් රජීව්ගෙන් අයැද සිටියේ ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය වන ලෝක් සභාවේ සන්ජේගෙන් හිස් වූ ආසනය සඳහා මැතිවරණයට ඉදිරිපත් වන ලෙසයි. 

එවකට 36 වන වියේ පසුවූ ඉන්දිරාගේ වැඩිමහල් පුත්‍රයා වූ රජීව්ට දේශපාලන කරලියට පිවිසීමට බොහෝ දෙනෙක් ඉල්ලීම් කරන ලදී. ඒ අනුව තම මවට සිදු කරන උපකාරයක් වශයෙන් දේශපාලනය පිළිබඳ කිසිත් නොදත් රජීව් තම සොයුරා වෙනුවෙන් දේශපාලනයට පැමිණෙන ලදී. ඒ අනුව ඔහු ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය වන උත්තර ප්‍රදේශ් හි ඇමතී දිස්ත්‍රික්කයේ නියෝජිතයා ලෙස සහ තම පවුලේ මීළග අනුප්‍රාප්තිකයා ලෙස දේශපාලනයට පැමිණෙන ලදී. තවද ඔහු සහ ඔහුගේ ඉතාලි බිරිඳ වන සෝනියා සහ සිය පුත් රාහුල් සහ දියණිය ප්‍රියන්කා සමඟ ගත කළ නිහඬ දිවියට නව දිල්ලියේ තදාසන්න ප්‍රදේශයකදී සමු දෙන ලදී. නමුත් ඔහු 1981 දී සිය සොයුරාගෙන් හිස් වූ ආසනයට තේරී පත් වීමට සමත් විය.

එමෙන්ම ඔහුගේ මව ඔහුව 1983 දී පක්ෂයේ මහලේකම්වරයා බවටද පත් කළ අතර ඒ අනුව ඔහු පක්ෂයේ බලය අතින් දෙවැනි වුයේ තම මවට පමණි.නමුත් ඔහුව ගාන්ධිගේ මීළග අනුප්‍රාප්තිකයා කිරීමට ගන්නා උත්සාහයට ඔවුන්ගේ විරුද්ධවාදීන්ගෙන් මෙන්ම ආධාරකරුවන්ගෙන්ද දැඩි විරෝධයක් පැමිණි අතර පාර්ලිමේන්තුවේ දෙපැත්තේම පිරිස් රජීව් දේශපාලනිකව දුර්වල යැයි කියනු ලැබීය. ඔහුගේ විරුද්ධවාදීන්ගේ ප්‍රධානතම තර්කය වූයේ "තම මවගේ වැඩවලට එපා කියන්න ඔහුගේ තිබූ නොහැකියාවයි." ඊටත් වඩා ඔවුන්ට එල්ල වූ බරපතලම චෝදනාව වූයේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය හිමි රට වූ ඉන්දියාවේ පවුල් පාලනයක් ඇති කිරීමට උත්සාහ කිරීමයි.

නමුත් ඔහුගේ මව ඝාතනය කොට පැය කිහිපයකට පසු රජීව් නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී. සැබැවින්ම  ඔහුට වඩා සුදුසුකම් සහිත දේශපාලනඥයින් එම මොහොතේ ඕනෑ තරම් සිටියත් පත් වූයේ ඔහුය. ඒ අනුව රජීව් 1984 සිට 1991 දී ඔහු මිය යන තුරුම පක්ෂයේ ආධිපත්‍යය දැරීය. 1989 මැතිවරණ පරාජයෙන් පසු ඔහු බලයෙන් ඉවත් වුවද පක්ෂයේ බලය සැමදා ඔහු සතු විය.

එහෙත් රජීව් තම මවගේ බොහෝ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ඉවත් කිරීමට කටයුතු කරන ලදී.  නියාමනය අවම කිරීම සහ නිදහස් වෙළඳාම දිරිමත් කිරීම සඳහා සැලසුම් කරන ලද ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කරමින් ඔහු ආර්ථිකය නිදහස් කළේය. මේ ආකාරයට 1989 මැතිවරණයෙන් කොන්ග්‍රසය පරාජය වී 1991 දී රජීව් කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දැමීමෙන් පසුවත් ඔහුගේ පවුල සෘජුවම අඩු වැඩි වශයෙන් පක්ෂයේ පාලනය පවත්වා ගෙන යන ලදී.

1991 මැතිවරණයේද කොංග්‍රසය ජයග්‍රහණය කළ නමුත් එවර අගමැති බවට පත් වූයේ P.V. නරසිම්හ රාඕ මහතාය. 1990 ගණන් වලදී කොන්ග්‍රසයේ ජනප්‍රියතාවය ක්‍රමයෙන් අඩු වෙමින් යන ලදී. පැහැදිලි දෘෂ්ටිවාදයක් හෝ අනාගත දැක්මක් නොමැති එය දූෂණයෙන් පිරි පක්ෂයක් බවට බොහෝ දෙනා හදුන්වන ලදී. 1996 සහ 1998 මැතිවරණ වලදී කොන්ග්‍රසය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉදිරියේ දරුණු ලෙස පරාජයට පත් විය.

මේ පරාජය නිසා කොන්ග්‍රස් නායකයින් යළිත් නේරු-ගාන්ධි පවුල වෙත හැරුණි. මෙවර ඔවුන් රජීව්ගේ වැන්දඹු බිරිඳ වූ සෝනියා ගාන්ධිගෙන් පක්ෂයට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටියහ. නමුත් ගැටලුව වූයේ උපතින්ම සෝනියා ඉතාලි ජාතිකයෙකු වීමයි. ඊටත් අමතරව ඇය දේශපාලනය පිළිබදවද එතරම් දැනුමක් තිබුණේද නැත. නමුත් ඔවුන්ට වෙනත් වීකල්පයක්ද නොවීය. ඒ අනුව 2014 දී කොන්ග්‍රසය පාර්ලිමේන්තුවේදී දිනා ගැනීමට සමත් වූයේ ආසන 44 ක් පමණි.

සමහර විට නව පරපුරක් සඳහා කාලය පැමිණ ඇතැයි සිතූ පක්ෂ නායකයින් 2019 දී ඇගේ පුත් රාහුල්ට නායකත්වය ලබා දුන් අතර එවර ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ආසන 52ක් පමණි. පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය. පසුව ඔහු වෙනුවට ඔහුගේ මව යළි පත් විය. නායකත්වය අවසානයේ රාහුල්ගේ සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධි වෙතද පැවරිය යුතු බවට යම් කතාබහක් මේ වන විට පවතී.

පසුගිය දශක දෙකක කාලය තුළ බොහෝ දක්ෂ දේශපාලනඥයින් කොංග්‍රස් පක්ෂය අතහැර ගොස් ඇත. නේරු-ගාන්ධි පවුලේ නියෝග පිළිපැදීම හැර කොන්ග්‍රසයට වෙනත් මතවාදයක් නැතැයි පුළුල් ලෙස සැලකේ.

ඉන්දියාවේ නිදහස දිනා ගැනීමට දායක වූ මෙන්ම එක් කලෙක ඉන්දියාව තුල සිය ආධිපත්‍යය පැතිරීමට සමත් වූ කොංග්‍රසයට වර්තමානයේ අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. එක් පවුලක් විසින් පක්ෂයක් පාලනය කිරීමේ විනාශයට මෙම පක්ෂය ගොදුරු වී ඇත. මෙම පවුලේ සමහර සාමාජිකයින් දක්ෂ හා සාර්ථක දේශපාලනඥයින් වුවද බොහෝ දෙනා අකාර්‍යක්ෂම හා රටට අහිතකර බව ඔප්පු වී ඇත. එමෙන්ම පැහැදිලි මතවාදයක් ගොඩනඟාගෙන වඩාත් නිවැරදි පරිණත පක්ෂයක් ලෙස කොන්ග්‍රසය වර්ධනය වී එහි නායකයින් ලෙස වඩාත් දක්ෂ දේශපාලනඥයින් තෝරා ගත්තා නම් සමහරවිට එය වඩාත් සාර්ථක වීමට ඉඩ ඇති අතර එමෙන්ම නිදහස ලැබූ දා සිට ඉන්දියාව තුල සිදු වූ යම් යම් කැලඹීම්ද එමගින් වළක්වා ගැනීමට ඉඩ තිබුණි.

පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද (Family Planning) - Your Choice Way

පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද (Family Planning) - Your Choice Way

පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද (Family Planning) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද? (Family Planning) පවුල් පාලනයක් මගින් දේශපාලන පක්ෂයකට සහ රටකට කුමන ආකාරයේ බලපෑමක් සිදු කළ හැකිද? (Family Planning) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment