Ekama Malayi Mama Aragena Awe Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ

Ekama Malayi Mama Aragena Awe Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ
Song Title : Ekama Malayi Mama Aragena Awe (එකම මලයි මම අරගෙන ආවේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ //

නෙළුම් පිපී ලියවැල් අතරේ ලී කුළුණු පුරා ඇම්බැක්කේ
රොන්සුණු සැලුවා
මා දෙස බැලුවා
මට අයිති නෙළුම් මල මැණිකේ
මට අයිති නෙළුම් මල මැණිකේ

එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ

බුදු කුටියේ දෙවියන් හමුවේ සුදු සඳුන් සුවඳ ඇද හැලුණේ
බොරු කියන්න බෑ
පව් නෑ මැණිකේ
නුඹෙ සුවඳ විතරමයි දැනුණේ
නුඹෙ සුවඳ විතරමයි දැනුණේ

එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ekama Malayi Mama Aragena Awe Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ Ekama Malayi Mama Aragena Awe Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2022 Rating: 5

0 comments:

Post a Comment