Bo Maluwe Mal Song Lyrics - බෝ මළුවේ මල් ගීතයේ පද පෙළ

Bo Maluwe Mal Song Lyrics - බෝ මළුවේ මල් ගීතයේ පද පෙළ
Song Title : Bo Maluwe Mal (බෝ මළුවේ මල්)
ගායනය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි


බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bo Maluwe Mal Song Lyrics - බෝ මළුවේ මල් ගීතයේ පද පෙළ Bo Maluwe Mal Song Lyrics - බෝ මළුවේ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2022 Rating: 5

0 comments:

Post a Comment