දවසේ වැදගත්කම - මැයි 23 ලෝක කැස්බෑ දිනය (Significance Of The Day - May 23 World Turtle Day)

දවසේ වැදගත්කම - මැයි 23 ලෝක කැස්බෑ දිනය  (Significance Of The Day - May 23 World Turtle Day) - Your Choice Way
ලෝක කැස්බෑ දිනය මැයි 23 වන දින යෙදී තිබෙන වාර්ෂිකව සමරනු ලබන දිනයකි. America Tortoise Rescue නම් ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් සියලුම ඉබ්බන් හා කැස්බෑවන් ආරක්ශා කිරීම සදහා 1990  වර්ෂයේදී ලෝක කැස්බෑ දිනයක් නම් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. අඹුසැමි  යුවලක් වන Susan Tellem සහ Marshall Thompson විසින් මෙම සංවිධානය ආරම්භ කර ඇත. මෙම සංවිධානය සත්ත්ව ගලවා ගැනීමේ සංවිධානයක් වන අතර සියලු ඉබ්බන් හා කැස්බෑ විශේෂයන් බේරා ගැනීම, පුනරුත්ථාපනය කිරීම, හදා වඩා ගැනීම හා ආරක්ශා කිරීම හා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ශා කිරීම සදහා කැපවී සිටී.

කැස්බෑවන් හා ඉබ්බන් පිලිබද දැනුම හා ගෞරවය වැඩි කිරීම සහ මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වාභාවික පරිසරය තුළ නොනැසී ජීවත් වීමට හා ඔවුන්ගේ පරිසරය තුළ ස්ථායී වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව ප්‍රමාණවත් දැනුවත්භාවයක් ලෝකයාට ලබා දීම කැස්බෑ දිනයක් නම් කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස සදහන් කිරීමට හැකිය.

කැස්බෑ හා ඉබ්බන් විශේෂ 300 ක් පමණ ලොව පුරා පැතිරී ජීවත් වෙති.මේ විශේෂ අතුරින් බොහොමයක් විශේෂ IUCN රතු දත්ත වාර්තාවට අනුව අවදානමට ලක්විය හැකි, වදවී යෑමේ තර්ජනයට ලක්වූ, උග්‍ර ලෙස අවදානමට ලක් වී ඇති යන කාණ්ඩ වලට ඇතුලත් වී තිබීම කණගාටුදායක කරුණකි. විශේෂ 129 ක් පමණම වද වී යාමේ තර්ජනයට ලක්වූවන් ලෙස නම් කර ඇත.

කැස්බෑවන්ගේ වැදගත්කම
කැස්බෑවන්ගෙන් පරිසරයට හා මිනිසාට ඇති වැදගත්කම සළකා බලන විට, 
වසර මිලියන 100 කට වැඩි කාලයක් තිස්සේ ලෝකයේ සාගරවල සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා මුහුදු කැස්බෑවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම භූමිකාවන් ඵලදායී කොරල් පර පරිසර පද්ධති නඩත්තු කිරීමේ සිට සාගරයේ සිට වෙරළ තීරයන් සහ වෙරළබඩ කඳුකරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කිරීම දක්වා විහිදේ.

 සාගරවල විශාල වෙනස්කම් සිදුවී ඇත්තේ මුහුදු කැස්බෑවන් ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මුලුමනින්ම පාහේ තුරන් කර ඇති බැවිනි.  වාණිජමය මසුන් ඇල්ලීම, කැදැලි වාසස්ථාන අහිමි වීම සහ දේශගුණික විපර්යාස නිසා මුහුදු කැස්බෑවන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත.  මුහුදු කැස්බෑ ගහණය අඩු වන විට සාගර පරිසර පද්ධතිවල වැදගත් කාර්යයන් ඉටු කිරීමේ හැකියාව ද අඩු වේ.

කැස්බෑවන් ඔවුන්ගේ ගොදුර පාලනය කිරීමට උපකාරී වේ. නිදසුනක් වශයෙන්, ලෙදර්බැක් කැස්බෑවන්  ජෙලිෆිෂ් ප්‍රමාණය කළමනාකරණය කිරීමට උපකාරීවේ. කැස්බෑ කැදැල්ල මුහුදු වෙරළට උපකාරී වේ.  නොනැසී පවතින බිත්තර හා පැටවුන් විසින් ඉතිරි කර ඇති පෝෂ්‍ය පදාර්ථ වෙරළබඩ වෘක්ෂලතාදිය සඳහා වැදගත් ප්‍රභවයක් සපයයි. පැටවුන් බොහෝ සතුන් සඳහා වැදගත් ආහාර ප්‍රභවයකි.  කුරුල්ලන්, මාළු, රකූන් වැනි ක්ෂීරපායින් සහ වෙනත් සතුන් කූඩු කාලය තුළ දිවි ගලවා ගැනීම සඳහා බහුලව පැටවුන් මත යැපෙති.වෙරළබඩ ආර්ථිකයන් සහ ස්වදේශික ප්‍රජාවන් සඳහාද කැස්බෑවන් වැදගත්ය.  බොහෝ පිරිසක් රැකියාවන් සහ ආදායම් සඳහා කැස්බෑවන් නැරඹීමට රැගෙන යාම හෝ කිමිදීම මත රඳා පවතින අතර ආදිවාසී ප්‍රජාවන් ගණනාවක් මුහුදු කැස්බෑවුන් ඔවුන්ගේ සංස්කෘතීන්හි කොටසක් ලෙස සලකති.  මුහුදු කැස්බෑවෙකු වනාන්තරයේ දැකීමෙන් චිත්තවේගීය හා මානසික වාසිද ඇත.

පරිසරපද්ධතිවලට කැස්බෑවුන්ගෙන්  සිදුවන ප්‍රයෝජන හා වාසි
වෙරළ ආශ්‍රිත මෙන්ම ගැඹුරු පරිසරපද්ධතිවල ක්‍රියාකාරිත්වය හා ස්ථාවරත්වය උදෙසා සෘජුවම දායක වන සත්ත්ව විශේෂයක් keystone species නොඑසේ නම් මූලස්ථාන විශේෂක් ලෙස හදුන්වන මෙම කැස්බෑවන්ගෙන් පරිසරයට සිදුවන ප්‍රයෝජන අතිමහත්ය. 

මොවුන්ගේ වැදගත්කම කෙසේද යත්, මොවුන් වෙරළබඩ පරිසරපද්ධති, සාගර පරිසරපද්ධති, කොරල් ආශ්‍රිත පරිසරපද්ධති හා ගැඹුරු මුහුදේ ද ජීවී බව, ක්‍රියාකාරීත්වය  හා නීරෝගී යහපැවැත්ම පවත්වා ගැනීමට නිරන්තරයෙන්ම දායක වන බැවින් මෙම පරිසරපද්ධතිවලින් කැස්බෑ විශේෂ ඉවත්වීම පරිසර පද්ධතියේ විනාශයට හේතුව වේ.නිදසුනක් ලෙස ගැඹුරු මුහුදේ බහුලව වෙසෙන දාරකැස්බෑවුන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ජෙලිෆිෂ් ගොදුරු වන අතර  දැල්ලන්, ඇල්ගී ද ආහරයට ගනී. මේ නිසා මෙම කැස්බෑ විශේෂය සාගර පරිසරපද්ධතිවල ජෙලිෆිෂ් ගහනය පාලන කරමින් අනෙක් විශේෂවල පැවැත්ම තහවුරු කරයි. එසේම කරදිය පරිසරපද්ධති තුළ ආහාර දාම හා ආහාර ජාල වල සමතුලනය පවත්වා ගැනීමටද දායක වේ.

තවද,පරිණත කැස්බෑවුන් වෙරළ ආශ්‍රිත පරිසරපද්ධතිවල දමා යන බිත්තර කෝෂ පිපිරීමෙන් ඉතිරිවන කවච කොටස්  හා අවශේෂ, නොපිපිරුණු,නරක් වූ බිත්තර කල්‍ යත්ම පසට එක්වීම වෙරළබඩ පසෙහි ගුණාත්මක බව ඉහළ නැංවීමට අතිශය දායකත්වයක් සපයයි. නමුත් ඇතැම්විට  කවචවල අවශේෂ පමණක් නොව නිරෝගී බිත්තර පවා වෙරළබඩ පරිසරපද්ධතිවල සතුන්ට ආහාරයක් වන්නේ කැස්බෑ විශේෂ තවදුරටත් තර්ජනයට ලක්කරමින් ඉතා අවාසනාවන්ත ලෙසිනි.

සාගර භූමිප්‍රමාණයෙන් 0.1% වූවත් ජීවී ප්‍රමාණයෙන් 25%ක්ම වෙසෙන කොරල් ආශ්‍රිත පරිසරපද්ධතිවල පැවැත්මට ද කැස්බෑ විශේෂ දායකත්වය ලබාදෙන අතර කොරල්පර මත සූක්ෂමව හා සීඝ්‍රයෙන් පැතිරෙන ඇල්ගී විශේෂ කොරල්පර ආහාරයට ගැනීම මගින් විනාශ කර දමයි. ඇල්ගී අධික වර්ධනය වේගයකින් යුතු වන නිසා කොරල්පරවල පැවැත්මට මෙම ඇල්ගී තර්ජනයක් වූවත් හරිත කැස්බෑවුන් නම් කැස්බෑ විශේෂය මෙම ඇල්ගී ආහාරයට ගන්නා බැවින් කොරල්පර ආශ්‍රිත පරිසරපද්ධතිවල පැවැත්ම කැස්බෑවන් මත තීරණය වන වග බෝහෝ සාගර විදැදුරන්ගේ මතයයි.

කැස්බෑවුන් වදවීයාමට / තර්ජනයට ලක්වීමට හේතු
කැස්බෑ සම්පතේ ඉතිහාසය අවුරුදු මිලියන සියයකටත් අධික කාලයක් පුරා දිව යන අතර මොවුන් ජුරාසික් යුගයේ ඩයිනෝසරයින්ගේ ඇති වීම නැති වීමද දුටු සාර්ථක සත්ව කොට්ඨාසයක් ලෙස නම් දැරුවද දැනට සීග්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී අැති සත්ව විශේෂයකි .

එයට ප්‍රධාන හේතුවක් ලෙස අතීතයේ පටන් මිනිසා විසින් කැස්බෑවන් ආහාරයට  ගැනීම සඳහන් කළ හැකිය.තවද,
  • විසිතුරු භාණ්ඩ,සපත්තු ආදිය සෑදීමට කැස්බෑ ලෙලි (විශේෂයෙන් පොතු කැස්බෑවුන්ගෙන්) ලබා ගැනීම සදහා කැස්බෑවුන් විනාශ කරීම.
  • මුහුදු ඛාදනයෙන් වෙරළ ආරක්ෂා කිරීමට ඉදිකරන උස් ගල් වැටි නිසා මව් කැස්බෑවුන්  බිත්තර දැමීමට එම ප්‍රදේශවලට නොපැමිණීම.
  • වෙරළ ආශ්‍රිතව ගොඩනැගිලි ආදිය ඉදිකිරීම වැනි ක්‍රියා මගින් වැලිපර සහිත වෙරළ තීරය අඩුවී ඔවුන්ට පවතින හිතකර පරිසර තත්ත්වය අවම වීම.
  • ප්ලාස්ටික් පොලිතින් වැනි ද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැරලීම මගින් වෙරළ දූෂණයට ලක් වීම ඔවුන්ගේ ගහනයට බලපෑම් එල්ල කිරීම.
  • ධීවර දැල් ආදී ආම්පන්න වල කැස්බෑවුන් පැටලී අනතුරු සිදු වී මියයෑම.
  • සාගරික ප්‍රදේශ වල සිදු කරන කැණීම් කටයුතු, තෙල් විසිරීම් ආදීයෙන් ඔවුන්ගේ ආහාර මූලාශ්‍ර වන මුහුදු තෘණ බිම් වලට හානි සිදුවීම.
  • මොවුන්ගේ ජීවන චක්‍රය ගොඩබිම හා සාගරය ඇසුරින් සම්පුර්ණ කරගන්නා බැවින් උෂ්ණත්වය වෙනස්වීම මොවුන්ගේ ලිංගිකත්වය තිරණය වීමට බලපාන අතර අනෙකුත් දේශගුණික විපර්යාසවල බහුවිධ බලපෑම් වලට ලක්වීම .
  • වෙරළ ප්‍රදේශ වල අධික විදුලි ආලෝක කරණය ද ඔවුන්ට හානි කිරීම .
  • මව් කැස්බෑවුන් වෙරළේ බිජුලෑමෙන් පසුව බල්ලන්,ඌරන්,කබරයන් වැනි සතුන්ද විශේෂයෙන් මිනිසුන්ද  එම බිත්තර ආහාරයට ගැනීම.
  • කුඩා පැටවුන් ඉපදී වෙරළේ සිට මුහුදට යැමේදී කපුටන්,උකුස්සන්,මුහුදු ලිහිණියන් හා කකුළුවන් විසින් මෙම පැටවුන් ආහාරයට ගැනීම.
  • වැඩුණු කැස්බෑවුන් හා මෝරුන් වැනි විශාල මත්ස්‍යයින් විසින් ද මොවුන් ආහාරයට ගැනීම.
යන හේතුද මොවුන් වඳ වීමට පාදක වී ඇත.

කැස්බෑවන් සංරක්ෂණයට ලෝකය සහ ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග
කැස්බෑවන් සදහා වෙන් වූ මෙවන් දිනක කැස්බෑ සංරක්ෂණය යනු අමතක කල නොහැකි මාතෘකාවකි.

සාගරයේ ජීවත්වුවද, මුහුදු වෙරළෙහි බිත්තර දමන කැස්බෑවුන්ගේ මෙම බිත්තර, විලෝපිකයන් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වීමට ලක්ව ඇත. මේ හේතුවෙන් මෙම බිත්තර එකතුකර සංරක්ෂණ මද්‍ය්සතානයහි තබා පැටවුන් බිහිවූ පසු ඔවුන් මුහුදට මුදාහැරීම සහ ආබාධිත කැස්බෑවන් රැකබලා ගැනීම කැස්බෑ සංරක්ෂණය යටතට ගැනේ.

ශ්‍රි ලංකා මුහුදු තීරය වෙත ලොව කැස්බෑ විශේෂ 7 න් 5 ක්ම ඇදී එන බැවින් "කැස්බෑ සංරක්ෂණ " යන්න ශ්‍රි ලංකාවේ විශේෂ වැදගත් කමක් හිමි විය යුතු අංගයකි.

ඒ අනුව,කැස්බෑ සංරක්ෂණය උදෙසා ශ්‍රී ලංකා රජය විසින්  වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආග්ද්‍ය පනතේ lll වන කොටසේ 30 වන වගන්තියට ප්‍රකාරව " ඇ " සිට " උ " දක්වා වගන්ති ඉදිරිපත් කර ඇත.එම වගන්ති වලට අනුව ,කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම , ලගතබා ගැනීම,සහ කැස්බෑ කොටස් ලග තබාගැනීම යන ක්‍රියාවන්  සිදුකරන්නෙකු නීතියෙන් වරදකරුවෙකු වන අතර එවැනි වරදකරුවෙකු 30(2) වගන්තිය යටතේ රු.10 000 අඩු නොවන රු.30 000 වැඩි නොවන දඩයක් හෝ/හා අවු. 2 කට නොඅඩු හා අවු.5 කට වැඩි නොවන කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමකට යටත් වීමට සිදුවේ.

තවද,ශ්‍රි ලංකාවේ පළමු කැස්බෑ සංරක්ෂණ මද්‍ය්සතානය  හික්කඩුව ජාතික උද්‍යානය යටතේ දොඩන්දූව ප්‍රදේශයේ ආරම්භකර ඇති අතර දකුණු වෙරළ තීරයෙහි , මිරිස්ස, වැලිගම , හබරාදුව, අම්බලන්ගොඩ යන ප්‍රදේශ වලද පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මද්‍ය්සතාන කිහිපයක්ම පිහිටුවා ඇත. ඒ අතරින් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මද්‍ය්සතානය විදේශ ආකර්ෂණය නොමදව ලබා ගන්නා ස්ථානයකි.කැස්බෑ සංරක්ෂණය මුවාවෙන් නීතියට පටහැනිව  වෙළෙඳාම් සිදුකරන ස්ථානද මේ අතර දක්නට ලැබීම අභාග්‍යට කරුණකි.

ගෝලීය වශයෙන් කැස්බෑ සංරක්ෂණයට ගෙන ඇති ක්‍රියාමාර්ග සලකා බලනවිට,

CITES සම්මුතියට අනුව කැස්බෑවන්, කැස්බෑ කොටස් හා නිෂ්පාදන ආනයනය, අපනයනය,අන්තර්ජාතික වෙළෙඳාමද තහනම් කර ඇත.

IUCN සංවිධානයට අනුව කැස්බෑවන් අන්තරායට පත් ජීව විශේෂයක් යටතේ කාණ්ඩගත කර ඇත.

1973 ක්‍රියාත්මක වූ Endangered Species Act (ESA) අනුව කැස්බෑවන් තර්ජනයට ලක්වූ ජීව විශේෂයක් බැවින් එම විශේෂයට හානි කිරීම සපුරා තහනම්වේ.

මීට අමතරව තවත් අන්තර්ජාතික එකගතාවන් හා සම්මුතින් කැස්බෑ සංරක්ෂණය සදහා අත්වැල් බැදගෙන සිටී. ඒවා ලෙස
  • International Sea Turtle Society (ISTS)
  • Indian Ocean Southeast Asia Marine Turtle Agreement (IOSEA)
  • ඇමෙරිකාවේ NOAA Fisheries (National Marine Fisheries Service )
දැක්විය හැක. ගෝලීය මට්ටමේ සම්මුති වලිනුත්, කලාපීය හා රාජ්‍ය මට්ටමින් පනවා තිබෙන නෛතික ප්‍රතිපාදන තුලිනුත් , සංරක්ෂණය සම්බන්ධයෙන් වන සුවිශේෂී නෛතික එකගතාවලිනුත් කැස්බෑ සංරක්ෂණයට අවශ්‍ය පසුබිම සකසා තිබීම පරිසරයට ආදරය කරන්නන් ලෙසින් අපිට සතුටට පත් විය හැකිය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මැයි 23 ලෝක කැස්බෑ දිනය (Significance Of The Day - May 23 World Turtle Day) දවසේ වැදගත්කම - මැයි 23 ලෝක කැස්බෑ දිනය  (Significance Of The Day - May 23 World Turtle Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2022 Rating: 5

0 comments:

Post a Comment