Wasanawa Pedewi Song Lyrics - වාසනාව පෑදේවී ගීතයේ පද පෙළ

Wasanawa Pedewi Song Lyrics - වාසනාව පෑදේවී ගීතයේ පද පෙළ
Song Title : Wasanawa Pedewi (වාසනාව පෑදේවී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ද ලැනරෝල් (එවකට)
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : එඩ්වින් සමරදිවාකර
එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ එකම චිත්‍රපටිය වන “දස්කම” (1958) සිනමා කෘතියේ ගීයකි. අකල්හී සමරදිවාකරයන් දිවියෙන් සමුගත්තේය.
(මේ ඇනජලීන් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල ගැයූ මුල්ම යුග ගීයයි.)


වාසනාව පෑදේවී (හොහ් හෝ...)
රූප රාණි සීදේවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි  රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ
මේ විනෝද මංගල්ලේ

යෞවන ජීවේ ආහාරය මේ ප්‍රේමේ //

සුර සැපත් මේ වගෙයි
ඔබ දුටත් හා අගෙයි //

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ //

ගීත නාදෙ රැව් දේවී (හොහ් හෝ...)
මා ප්‍රමෝදෙනී නෑවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ
මේ විනෝද මංගල්ලේ

පෙම් අම ධාරා බිව්වේ වන බඹරා මේ //

ඔබ මගෙයි මා ඔබෙයි
මා ඔබෙයි ඔබ මගෙයි //

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanawa Pedewi Song Lyrics - වාසනාව පෑදේවී ගීතයේ පද පෙළ Wasanawa Pedewi Song Lyrics - වාසනාව පෑදේවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment