Wahidata Dedunna Song Lyrics - වැහිදාට දේදුන්න ගීතයේ පද පෙළ

Wahidata Dedunna Song Lyrics - වැහිදාට දේදුන්න ගීතයේ පද පෙළ
Song Title : Wahidata Dedunna (වැහිදාට දේදුන්න)
ගායනය : දමිත් අසංක


වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

සුමුදු පෙම් මල් නෙලා
රුසිරු සිත සරසලා
රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා
කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා
සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා
ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා
පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා
සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා

වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahidata Dedunna Song Lyrics - වැහිදාට දේදුන්න ගීතයේ පද පෙළ Wahidata Dedunna Song Lyrics - වැහිදාට දේදුන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment