නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program)

නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program) - Your Choice Way

පළමුවන ලෝක සංග්‍රාමයේ අවසානයේ සිටම ජර්මනිය සෑම විටම නවෝත්පාදනයන් සිදු කිරීමට උත්සාහ ගනිමින් සිටි අතර, ඔවුන්ට අවශ්‍ය වූයේ එමගින් ලොව තාක්‍ෂණිකව දියුණු රටක් බවට පත්වීමටය. මෙහිදී ඒ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු ලෙස ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකු වූ වර්නර් වොන් බ්‍රෝන් හදුන්වාදිය හැක. ඒ අනුව ඔහු 1912 දී ආයුධයක් ලෙස පමණක් නොව ප්‍රවාහන මාධ්‍යයක් ලෙසද රොකට් භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට පටන් ගත්තේය.

ඉන් කලකට පසුව බලයට පත් වූ ඇඩොල්ෆ් හිට්ලර්ට අවශ්‍ය වූයේ විශාල මෙන්ම අද්විතීය නිෂ්පාදන ජර්මනිය සතු කර ගැනීමටය. සැබැවින්ම ඔහුගේ මෙම උමතුව දෙවන ලෝක යුද්ධ සමයේදී ආරම්භ වූවක්  නොව, බලයට ඒමට පෙර සිටම ඔහු තුළ එය පැවතුණි. ඔහු තුළ පැවති මෙම අතිමහත් අවශ්‍යතාවය නිසාම ජර්මනිය තුළ ජීවත් වූ දක්ෂයින් හඳුනා ගැනීමට හිට්ලර්ට හැකි විය.

බොහෝ දෙනෙක් සිතන්නේ සුප්‍රසිද්ධ V2 ජර්මානු බැලස්ටික් මිසයිලය දෙවන ලෝක යුද්ධ සමයේදී සොයා ගත් එකක් බවයි. එහෙත් එය අසත්‍යයක් වන අතර 1 වන ලෝක යුද්ධයෙන් පසු මෙම තාක්ෂණය අනාගත යුද්ධ වල නව ප්‍රවණතාව බව වටහා ගත් බ්‍රෝන් විසින් රොකට් වල විවිධ මූලාකෘති මත පරීක්ෂණ කිරීමට පටන් ගත්තේය. එම කාලයේදී මෙම මිසයිලය හැඳින්වූයේ V2 ලෙස නොව A4 ලෙසය. එමෙන්ම එහි එකම අරමුණ වූයේ අභ්‍යවකාශයට පියාසර කිරීම ය.

A4 රොකට්ටුව පිළිබඳ පරීක්ෂණ කරන සමයේදී බ්‍රෝන්ට නිශ්චිත ඉලක්කයක් තිබුණේ නැත. එම කාලයේදී ඔහුට අවශ්‍ය වී තිබුණේ රොකට් බූස්ටරයක තාක්‍ෂණය සහ තෙරපුම සහ බර අතර අනුපාතය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීම පමණි. විශේෂයෙන්ම මේ කාලය වෙද්දී 1 වන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනියට දිගු දුර ආයුධ භාවිතා කිරීම තහනම් කර තිබුනි. නමුත් රොකට් සමඟ දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටි බ්‍රෝන්ට ඒවා ආයුධ ලෙස භාවිතා කළ හොත් ඒවායේ තිබූ ශක්‍යතාව හා කාර්යක්ෂමතාව පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණි.

තෙරපුම ඉතා බලවත් වූ බැවින් ඉන්ධන පරිභෝජනය අකාර්යක්ෂම වීම නිසා මුල් මූලාකෘති කිහිපයට කි.මී 100 ක පමණ දුරක් පමණක් පියාසර කිරීමට හැකි විය. නමුත් 1942 වන විට V2 රොකට්ටුව පරිපූර්ණ එකක් වූ අතර ප්‍රංශයේ එය දියත් කළ ස්ථානයේ සිට කි.මී 315 ක් ඈතින් පිහිටි  ලන්ඩනයට පහර දෙමින් බොහෝ දෙනෙක් මරා දැමීමට එය සමත් විය.

කෙසේ වෙතත් 1933දී හිට්ලර් බලයට පත් වූ විට ඔහු නාසි අභ්‍යවකාශ වැඩසටහන නම් රහසිගත වැඩ සටහනක් සඳහා විශාල ආයෝඡනයක් සිදු කලේය. මෙමගින් බ්‍රෝන්ට සිය පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් මූල්‍ය ආධාරයක් ලැබුණු හෙයින් ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීමට ඔහුට හැකි විය. මෙහිදී හිට්ලර් ඔහුට බල කර සිටියේ අනාගතයේ යුද්ධයක් ඇති වුවහොත් නිව්යෝර්ක් වෙත පහර දිය හැකි ආකාරයේ A4 සහ V2 යන දෙකටම වඩා බලවත් රොකට්ටුවක් තනන ලෙසය.

ඔහු එයින් අදහස් කළේ කි.මී 900 ක් දුර ඇති ඉලක්කයකට පහර දිය හැකි, සුවිශේෂී ටොන් 100 බරැති තෙරපුම් එන්ජිමක් (A4 සහ V2 එන්ජින් හතරක එකතුවක්) සහිත බැලස්ටික් මිසයිලයක් නිපදවන ලෙසය. මෙම රොකට්ටුව A-10 ලෙස හදුන්වන ලදී. එහෙත් එකල ජර්මානුවන් කෙතරම් දියුණු වුවත්, ඔවුන් භාවිතා කරමින් සිටි තාක්ෂණය හොඳම ඒවා වුවත් එක්සත් ජනපදය වෙත ළඟා විය හැකි අවියක් සෑදීමට ඔවුන් අපොහොසත් විය.

පෙර සඳහන් කළ පරිදි හිට්ලර්ට විශාල සැලසුම් මෙන්ම ඊටත් වඩා විශාල සිහින තිබුණි. ආර්ය ජාතිය පිළිබඳ ඔහුගේ තිබූ මතවාදය නිසා නාසි ජාතිකයින් අන් කිසිවෙකුටත් වඩා උසස් යැයි ඔහු සැලකූ බැවින් මුලින්ම සඳට පා තැබිය යුත්තේ ද ඔවුන් විසින් බව හිට්ලර් විශ්වාස කරන ලදී.

මේ පිළිබඳ හිට්ලර් බ්‍රෝන් සමඟ සාකච්ඡා කළ අතර සැබැවින්ම සඳට යාමට ඇති හැකියාව පිළිබඳව ඔහුගෙන් විමසීය. හිට්ලර් "නොහැකිය" යන වචනය ඇසීමට අකමැති පුද්ගලයෙකු බව දන්නා බ්‍රෝන් පවසා සිටියේ එවැනි රොකට්ටුවක් සැලසුම් කිරීමටම පමණක් වසර ගණනාවක් ගත වන බවයි. එමෙන්ම වැඩිදුරටත් ඔහු පවසා සිටියේ A-10 හි සැලසුම භාවිතා කරමින් එය වැඩිදියුණු කරමින් රොකට්ටුවක් නිපදවිය හැකි බවයි.

A-10 රොකට්ටුව සාර්ථක වුවහොත් එමගින් පෘථිවි පෘෂ්ඨයේ සිට කි.මී500 ක් ඈතින් පෘථිවියේ වායුගෝලය ඇති හෙයින්, අභ්‍යවකාශයට ප්‍රථමයෙන්ම ජර්මානුවන්ට යා හැකි බව බ්‍රෝන් විශ්වාස කරන ලදී. ඉන්පසු බ්‍රෝන් A-10 රොකට්ටුව සහ ME-262 ජර්මානු ප්‍රහාරක ජෙට් යානය අතර සංකලනයක් වූ අතුරු ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමට පටන් ගන්නා ලදී.

එහෙත් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකානුවන් විසින් බ්‍රෝන්ව නාසා ආයතනයේ වැඩ සඳහා රැගෙන යන ලදී. බ්‍රෝන් ඇමරිකානුවන්ට පවසා සිටියේ තමාට තමාගේ නිර්මාණ අවි ආයුධ බවට පත් කිරීමට කිසි විටෙකත් අවශ්‍ය වූයේ නැති නමුත් අනෙක් සෑම විද්‍යාඥයෙකුට හෝ වෘත්තිකයෙකුට මෙන් නාසීන්ගේ බල කිරීමට එසේ කිරීමට ඔහුට සිදු වූ බවයි. ඉන්පසු ඇමරිකාව යටතේ රොකට් සැලසුම් වල පුරෝගාමියෙකු වූ ඔහු පසුව බොහෝ දෙනා "රොකට් වල පියා" ලෙසද හදුන්වන ලදී.

නීල් ආම්ස්ට්‍රෝං  මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට සඳ වෙත ගෙන ගිය අභ්‍යවකාශ යානය වූ ඇපලෝ 11 රොකට්ටුවේ ප්‍රධාන සැලසුම්කරු වූයේ ද බ්‍රෝන්ය. ඒ අයුරින් බ්‍රෝන් මුලින්ම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ වූ දා සිටම ඔහුගේ තිබූ දිගුකාලීන සිහිනය සැබෑ කරගන්නා ලදී.
නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program) - Your Choice Way
බ්‍රෝන්ගේ විවිධ මූලාකෘති

නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program) - Your Choice Way
ආචාර්ය බ්‍රෝන් ඇමරිකානු අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේදී
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program) නාසීන්ගේ අභ්‍යවකාශ වැඩසටහන (Space Program) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment