Sasala Lowa Nisala Wemi Song Lyrics - සසල ලොව නිසල වෙමි ගීතයේ පද පෙළ

Sasala Lowa Nisala Wemi Song Lyrics - සසල ලොව නිසල වෙමි ගීතයේ පද පෙළ
Song Title : Sasala Lowa Nisala Wemi (සසල ලොව නිසල වෙමි)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : නන්දා මාලිනී


සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා

තිලිණ වෙයි මුතු ලෙසම
කසළ සුන්බුන් සැවොම
තුරුලු කර ගනිමි සම සිතකිනා
මවක මෙන් විඳින දුක් කුළුණිනා

සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා

පැමිණ යයි ඔබ සැවොම
හිඳිමි නොසැලී මෙහිම
පවුර වී බිම රකින සයුරිනා
එතෙරවන පයට මඟ සදමිනා

සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasala Lowa Nisala Wemi Song Lyrics - සසල ලොව නිසල වෙමි ගීතයේ පද පෙළ Sasala Lowa Nisala Wemi Song Lyrics - සසල ලොව නිසල වෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment