බෙල්ල නැති මිනිස්සු වාහන වලට අත දාන රබර් යාය (Rabar Yaya)

බෙල්ල නැති මිනිස්සු වාහන වලට අත දාන රබර් යාය (Rabar Yaya) - Your Choice Way

මගෙ යාලුවෙක් හිටියා සේනක කියල ස්කෝලේ යන කාලේ ඉඳල හොඳ යාලුවෙක්...අපි දෙන්නා...පොඩි කාලේ ඉඳලා එකටමයි හිටියේ...මම කෑගල්ලේ සෙන් මේරිස් එකට ස්කෝලේ ගියේ..

2013/12/7 වෙනිදා...කෑගල්ලේ අඹන්පිටියේ පල්ලමේදී ටිපර් එකක කාර් එක හැප්පිලා ස්ටීරියන් ව්ල් එක පපුවට තද වෙලා සේනක මැරිලා තිබ්බේ ඊට කලින් දවසෙත් අපි දෙන්නා සෙට්වෙලා බෝතලයක් බීල ගියේ..ඇත්තටම මේ සීන් එක හින්දා මම පට්ට විදිහට අව්ල් උනා..සේනක නැති වෙලා කියල දැනගද්දි මම හිටියේ යාපනේ..සර්වේ එකකට ගිහින් මම දැනගත්ත විගස එහෙන් පිටත් උනා..කොහොමත් වරකපලට එද්දී 8:23 විතර උනා..

ඔය වරකපොල ඉඳලා ගලපිට මඩ පාර මහා කාලකන්නි පාලුවට ගිය පාරක් රෑ අට නවය වගේ වෙද්දි මහ මූසල පාලුවක් තියෙන්නෙ..රබස් වතු මැද්දෙන් වැටිල තියන පාර දවල්ටත් සාමනය කරුවලයි රෑට බලු බලුබල්ලෙක් නෑ..පට්ටම කරුවලයි...

ඒ දවස්වල මට තිබ්බේ මරුටියක් ...මමත් හිටියේ හුඟාක් තෙහෙට්ටුවෙන්...ඇයි උදේ ඉඳල ඩ්‍ර්‍යිව් කරල බාගෙට මැරිලා හිටියේ...
කොහොම උනත් මම වාහෙනේ මග නවත්තලා සිගරට් එකක් පත්තු කරා වැස්ස ටිකක් පායල තිබ්බේ ලාවට හිරිපොදක් වගේ තිබ්බා...මම සිගරට් එක බීලා විනාඩි පහක් විතර වාහනේ එන්ජිම ඕෆ් කරලා තිබ්බා....දැන් වාහනේ ස්ටාර්ට් කරලා යන්න හදද්දී වාහනේ...අද්දන්නේ නෑ රේස් වෙනවා..විතරයි..ක්ල්ච් ප්ලේට් ගිහින්ද කියල කල්පනා කරන්ද්දි..කෝකටත් කියක...ආපහු එන්ජින් එක ඕෆ් කරලා ඔන් කරා...ඔන්න වාහනේ දැන් යනවා...මම කිලෝමීටර් හයක් විතර ගියාට පස්සේ...ඉස්සරහින් එකපාරටම ටෝච් එලියක් වැදුනා...පිරිමි කෙනෙක් අත දැම්මා..වාහනේට...
මම වාහනෙ ස්ලෝ කරේ හොරෙක් නම් යටකරන් හරි යනවා කියලා හිතාන.

වානහනේ නැවත්තුව..මම

අනේ මහත්තයෝ...මම මේ ගලපිටමඩට යන ගමන් මගේ බයිසිකලේ කැඩුනා..පුලුවන්නම්..මට උදව්වක් කරන්න..

හරි අයියේ මොකක්ද කෙරෙන්න ඕන...හැබැයි බයික් එක ගලවන්න ටූල් නම් මගෙ ලඟ නෑ...හැබැයි බලල දෙන්න ...පුලුවන්...

නගින්නකෝ අපි බයික් එක තියන තැනට යන් මට මිනිහව විශ්වාස උනේ අත්දෙකේම මජං ගාගෙන හිටිය නිසා...

මිටර් පන්සීයක් විතර ගිහින් මම කාර් එක නවත්තුවා...
ඊට පස්සේ බයික් එක ලඟට ගියා...
බලද්දී...චේන් එක ස්පොකට් එක අස්සේ ගිහින්...

අයියො අයියේ ඔයා රෝදේ තද කරගෙන නෑනේ..ඒකනේ...ඔය චේන් එක පැනල තියෙන්නේ..
ඊට පස්සේ..මම මගේ වීල් බ්‍රශ් එක දුන්නා...ඒකේඅග කොටසේ පැතලි පැත්ත දාල චේන් එක එලියට ඇද්දා..දැන් හරි...චේන් එක ගානටසෙට්....

අනේ මහත්තයෝ ගොඩක් ස්තූතී...
මහත්තයා කොහෙද මෙ යන්නේ....

මම යනවා..මේ මගෙ යාලුවෙක්ගේ මල ගෙදරක...

එහෙම කියද්දී මිනිහගේ මූනේ අමුත්තකුත් මට පෙනුනා..
මම එහෙනම් යනවා..අයියේ...කියල මම කාර් එකට නැගලා ස්ටාර් කරලා...යන්න හද්දද්දී..
දෙයනේ අර බයික් එකත් නෑ මනුස්සයත් නෑ...පපුව ගැහෙන්න ගත්තා හරි සද්දෙන්...

ඒත් එකම මහා වරුසාවක් කඩා වැටෙන්න ගත්ත...මම පොඩ්ඩක් ගැස්සිලා හිටියේ වෙච්ච සිදිවීම නිසා. ඒ අවට මීදුම වගේ කිසිදෙයක් පේන්නෙත් නෑ..වාහනේ වයිපර් එකත් වැඩ නෑ....මම ඒසී එක වැඩි කරා වින්ඩ්ස්ක්‍රීන් එකේ ෆොග් එක බැදෙන එක වලක්ක ගන්න...ඔන්න එකපාරටම වයිපර් වැඩකරන්න ගත්තා...වාහනේගැස්සුනා..දැන් මම යනවා වංගු කෙලින් කරන් විනාඩි දහයක් විතර එක පිම්මට එලෙව්ව...ඊට පස්සේ ගලපිට මඩ ටව්න් එකට කිට්ටු කරද්දී කඩයක් ඇරල තිබ්බා...ඒක ඉස්සරහා..නවත්තලා මං මුදලාලිගෙන් සිගරට් දෙකක් ගත්තා...ඒ අතරෙදි කඩේ හිටපු දෙන්නෙක් කතා වෙනවා බයික් එකක් හැප්පුන සීන් එකක්....මං ලඟට ගිහින් ඇහුවා..කොහෙද මාමේ බයිසිකලයක් හැප්පිලා තියෙන්නේ..කියල..පුතා දුනමාල හරියේ තමා හැප්පිලා තියෙන්නේ...වතුපිටිවල ඉස්පිරිතාලෙට ගෙනියද්දිත් මිනහා.මැරිලලු...බයික් එකේ චේන් එක හිරවෙලා පෙරලිලා ඉස්සරහින් ආපු ලොරියට මිනිහව යටවෙලාලු...මේක කියද්දී..මට මූත්‍රා බරත් හැදුනා...
ඒ හැප්පුන කෙනාටනේද මම දැකලා චේන් එකත් හදලා දුන්නේ කියලා..
මට මූනෙනුත් දාඩිය දාන්න ගත්තා.....ඔය හරිය රෑට ගොඩක් අද්භූතයිලු බෙල්ල නැති මිනිස්සු වාහන වලට අත දාන මලයක්ශනියන් ..තාමත් ඒ රබර් යායෙන් වට උන ගම්පලාත් වල තදින්ම තියනවා...
හැබැයි...
මම සේනකගේ මලගෙදර ගිහින් ආපහු ගෙදර ගියා..සිද්දිය අම්මට කිව්වට පස්සේ එයා පන්සලේ හාමුදුරුවෝ ලඟට ගිහින් මට නූලක් දැම්මා..
මේ සිද්දිය මම කිව්වට පස්සේ හාමුදුරුවො කිව්වේ..

මේ වගේ ශනික මැරෙන අය ඔහොම වෙන්න එක හේතුවක් තමා..එයා දන්නෑ එයා මැරිලා කියල ඒනිසාලු ඔහොම වෙන්නේ....හැබැයි පස්සේ දැනගත්තම පිලිගන්නෑලු....

නිශ් බ්ලේඩ්...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බෙල්ල නැති මිනිස්සු වාහන වලට අත දාන රබර් යාය (Rabar Yaya) බෙල්ල නැති මිනිස්සු වාහන වලට අත දාන රබර් යාය (Rabar Yaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment