Nawam Mahe Song Lyrics - නවම් මහේ ගීතයේ පද පෙළ

Nawam Mahe Song Lyrics - නවම් මහේ ගීතයේ පද පෙළ
Song Title : Nawam Mahe (නවම් මහේ)
ගායනය : දමිත් අසංක


නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේ
බිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේ
මොකද කරන්නේ ඇත්තට මොකද කරන්නේ
පිපාසයත් ඉවසන්නට බැරිය බොලන්නේ
කාගෙන්දෝ දිය දෝතක් ඉල්ලා ගන්නේ
තිබහට ඉල්ලා ගන්නේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

පවස නිවාගන්නයි ගෙට කලේ ගෙනාවේ
බිඳුණු කලේ මට සිනාසුණාවේ
සිනාසුණාවේ තව සිනාසුණාවේ
දියට යනෙන කල ගෙඩි වල කැකිරි සිනාවේ
ඉවසාපන් මගේ හිත තව රිදුණාවේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawam Mahe Song Lyrics - නවම් මහේ ගීතයේ පද පෙළ Nawam Mahe Song Lyrics - නවම් මහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2022 Rating: 5

0 comments:

Post a Comment