Meemassa Ruun Ruun Song Lyrics - මීමැස්සා රූං රූං ගීතයේ පද පෙළ

Meemassa Ruun Ruun Song Lyrics - මීමැස්සා රූං රූං ගීතයේ පද පෙළ
Song Title : Meemassa Ruun Ruun (මීමැස්සා රූං රූං)
ගායනය : නන්දා මාලිනී, විජිත කුසුම් ලියනගේ සහ සුධර්මා ද සිල්වා
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීතය : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "දරුවා කාගේද?" චිත්‍රපටියෙනි.


මීමැස්සා රූං රූං
මලින් මලට රූං රූං
මල් පැණි බොයි රූං රූං
මත්වැ නටයි රූං රූං

බකමූණා හූම් හූම්
හිඹුටු හඬයි හූම් හූම්
බුම්මාගෙන හූම් හූම්
ඔක්‌කෝටම හූම් හූම්

කළු කපුටා කාක් කාක්
හොරෙන් බලයි කාක් කාක්
වැල මදුලට කාක් කාක්
උසි කපුටා කාක් කාක්

පොර කුකුළා කුක්කු කූ
රැයින් නැගෙයි කුක්කු කූ
තටු ගසමින් කුක්කු කූ
ගහින් බහියි කුක්කු කූ

කප්පරකට පුවක්‌ පුවක්‌
කොරවක්‌කයි පුවක්‌ පුවක්‌
මට විටකට නුදුන් පුවක්‌
අපි තරහයි පුවක්‌ පුවක්‌

පෙත්තප්පූ ක්‍රීං ක්‍රීං
කජු අත්තේ ක්‍රීං ක්‍රීං
කජු නොකඩන් ක්‍රීං ක්‍රීං
මද අපටයි ක්‍රීං ක්‍රීං

හැලි වඳුරා හායි හායි
අත්තක් උඩ හායි හායි
වැල ගෙඩියට හායි හායි
මාන බලයි හායි හායි

බලු කුක්කා හීන් චීං
අම්මා කොයි හීන් චීං
ලුණු නැතිවයි හීන් චීං
බත් දෙනකන් හීන් චීං

හොර බළලා ඤාව් ඤාව්
දී කිරි කෝ ඤාව් ඤාව්
පුරු පුරු පුරු ඤාව් ඤාව්
හුරතලේට ඤාව් ඤාව්

හොක්කි හොයා හොයා හොයා
නරි නයිදේ කෑම හොයා
හරිම වසයි ඔයා ඔයා
දුවමු දුවමු දැන්ම හොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meemassa Ruun Ruun Song Lyrics - මීමැස්සා රූං රූං ගීතයේ පද පෙළ Meemassa Ruun Ruun Song Lyrics - මීමැස්සා රූං රූං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment