Me Sundara Rathriyata Song Lyrics - මේ සුන්දර රාත්‍රියට ගීතයේ පද පෙළ

Me Sundara Rathriyata Song Lyrics - මේ සුන්දර රාත්‍රියට ගීතයේ පද පෙළ
Song Title : Me Sundara Rathriyata (මේ සුන්දර රාත්‍රියට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි

වනන්තරේ මල් පිපුනා එක එක පාටට
ඇළේ දොළේ දිය ගැලුවා ගීයක තාලෙට
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොපෙණුන දෑසට
මේ පෙනෙන සොඳුරු ලොව අඳුරට එපා හෙළන්නට

මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි

රෑට රෑට තරු පිපුණා අහසේ යායට
සඳ ඇවිදින් තිලක තියා රැඳුණා නළලත
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොහැඟුණ හදකට
දුක දරන්න බෑ සත්තයි හිත එපා තලන්නට

මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sundara Rathriyata Song Lyrics - මේ සුන්දර රාත්‍රියට ගීතයේ පද පෙළ Me Sundara Rathriyata Song Lyrics - මේ සුන්දර රාත්‍රියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment