Me Premaye Sada Kunatuwada Song Lyrics - මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද ගීතයේ පද පෙළ

Me Premaye Sada Kunatuwada Song Lyrics - මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද ගීතයේ පද පෙළ
Song Title : Me Premaye Sada Kunatuwada (මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සුනිල් ආර් ගමගේ
තනුව හා සංගීතය : දීපිකා ප්‍රියදර්ශනී


මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද
නෙත කඳුළු අතුල
සිත දුකම වපුල
ප්‍රාර්ථනාවන් සුනු විසුනු කළ
මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

ගෙවා පැමිණි දුර යොදුන් ගණන්
හැරී බලමි සුව සොඳුරු දසුන්
සොයා අඳුරු කළුවර සටහන්
දුකම විඳී ඔබ
සිනා සිහින අමතක කරමින්

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

සඳේ එළිය සිත යහන් වැදී
මලේ සුවඳ තුන් රැයම විඳී
නුඹේ මතක ඇස රිදුම් දිදී
දුකම විඳී
මගෙ හිතේ කඳුළු නුඹ තව නොදනී

මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද
නෙත කඳුළු අතුල
සිත දුකම වපුල
ප්‍රාර්ථනාවන් සුනු විසුනු කළ
මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Premaye Sada Kunatuwada Song Lyrics - මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද ගීතයේ පද පෙළ Me Premaye Sada Kunatuwada Song Lyrics - මේ ප්‍රේමයේ සැඩ කුණාටුවද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2022 Rating: 5

0 comments:

Post a Comment