Kumuduniya Obai Mage Song Lyrics - කුමුදුනිය ඔබයි මගේ ගීතයේ පද පෙළ

Kumuduniya Obai Mage Song Lyrics - කුමුදුනිය ඔබයි මගේ ගීතයේ පද පෙළ
Song Title : Kumuduniya Obai Mage (කුමුදුනිය ඔබයි මගේ)
ගායනය : ඉන්දු අමරනාත්
සංගීතය : රංග දසනායක
ගී පද : කසුන් ගුණතිලක


කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumuduniya Obai Mage Song Lyrics - කුමුදුනිය ඔබයි මගේ ගීතයේ පද පෙළ Kumuduniya Obai Mage Song Lyrics - කුමුදුනිය ඔබයි මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment