දවසේ වැදගත්කම - අප්‍රේල් 25 ලෝක මැලේරියා දිනය (Significance Of The Day - April 25 World Malaria Day)

දවසේ වැදගත්කම - අප්‍රේල් 25 ලෝක මැලේරියා දිනය (Significance Of The Day - April 25 World Malaria Day) - Your Choice Way

ලෝක මැලේරියා දිනය  අප්‍රේල් 25 දිනට   යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බව වෛද්‍යවරු පවසති.

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ. ආසන්න වශයෙන් රටවල් 91ක තවමත් මැලේරියා රෝගය පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට රෝගය වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000කි.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනි.වසර 2015 වාර්තා අනුව මැලේරියා රෝගයෙන් සිදු වූ මරණ අතරින් වැඩියෙන් වාර්තා වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ය. එය 306,000කි.සෑම මිනිත්තු දෙකකදීම මැලේරියාව නිසා අඩුම වශයෙන් එක් ළමා මරණයක් සිදුවන බවට වාර්තා වී තිබේ.

දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙති.සාර්ක් කලාපයේ රටවල් අතරින් ශ්‍රි ලංකාව සහ මාලදිවයින පමණක් මැලේරියාව රටෙන් තුරන් කර තිබේ.

වසර 2012 සිට ස්‍රී ලංකව තුළ මැලේරියා රෝගියකු වාර්තා වී නොමැත.ලෝක සෞඛ්‍ය සංවිධනය මඟින් 2016 සැප්තැම්බර් 06 දින දකුණු හා නැඟෙනහිර ආසියාතික කලාපීය සමුළුවේ 69 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් මැලේරියා මර්දන ව්‍යාපාරය රෝගය නැවත ඇති වීම වළක්වාගැනීමට සෑම පියවරක් ම ගන්නා බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී.හේරත් මහතා පවසයි.

රටෙන් මැලේරියා රෝගය තුරන් කළද තවමත් රටට මැලේරියාව ඇතුළ්වීමේ අවධානම පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මැලේරීය මර්දන ව්‍යාපාරය පවසන පරිදි මැලේරියා පරපෝෂිතයා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම පවතින බැවින් ශ්‍රී ලංකාව තුළ මැලේරියාව හිස එසවීමේ අවධානමක් පවති .

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - අප්‍රේල් 25 ලෝක මැලේරියා දිනය (Significance Of The Day - April 25 World Malaria Day) දවසේ වැදගත්කම - අප්‍රේල් 25 ලෝක මැලේරියා දිනය (Significance Of The Day - April 25 World Malaria Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment