Rose Redisha Song Lyrics - රෝස් රෙඩීෂා ගීතයේ පද පෙළ

Rose Redisha Song Lyrics - රෝස් රෙඩීෂා ගීතයේ පද පෙළ
Song Title : Rose Redisha (රෝස් රෙඩීෂා)
ගායනය : ඉන්දික ප්‍රසාද්
සංගීතය : ඉන්දික ප්‍රසාද්
ගී පද : රුවන් නන්දික


ආදරෙ සොරාගන්න මා සිත සොයන්
ආවානම් මග බලා
සල්සා නැටුමට ‍‍නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා

සීතල මීදුම් රෑ
පන්හිඳ වැටුණේ නෑ
නුඹ මා තුරුලු කරන්
සෙනෙහස උතුරාවී
මදකට ගොළු වී සීතල අඳුරේ
රඟනව රඟධරයා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා

නින්ද හරිම හොඳ නෑ
අවදිව හිටියෙත් නෑ
අළුයම හොර හොරෙන් මේ
අඳුරත් නොකියාවී
පාලුව හමුවී දහවල් එළියේ
තැවෙනව රඟධරයා

ආදරෙ සොරාගන්න මා සිත සොයන්
ආවානම් මග බලා
සල්සා නැටුමට ‍‍නොසිතූ මොහොතේ ආ
රෝස් රෙඩීෂා
වයලින් වයමූ වස්දඬු පිඹිමූ
නැතුවට බැලලයිකා
ගිටාර තනුවේ කෝමල තීවෘ පා
වයනව වාදකයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rose Redisha Song Lyrics - රෝස් රෙඩීෂා ගීතයේ පද පෙළ Rose Redisha Song Lyrics - රෝස් රෙඩීෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment