Kothanaka Hitiyath Oba Melowe Song Lyrics - කොතනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ පද පෙළ

Kothanaka Hitiyath Oba Melowe Song Lyrics - කොතනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ පද පෙළ
Song Title : Kothanaka Hitiyath Oba Melowe (කොතනක සිටියත් ඔබ මෙලොවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි.
සංගීතය : මොහොමඩ් සාලි


කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා //
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා //
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා //
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

1964 දී තිරගතවූ "සැමියා බිරිඳගේ දෙවියාය" චිත්‍රපටියේ ගීයකි.මෙය "නෙන්ජිල් ඔර් ආලයම්" නම් ද්‍රවිඪ චිත්‍රපටිය ඇසුරින් නිර්මාණය කරන ලද්දක් වන අතර, චිත්‍රපටියේ ඇතැම් ගී එකී ද්‍රවිඪ චිත්‍රපටියේ ගී වල තනු වලටම නිර්මාණය කර ඇත. එහෙත් ඉහත ගීය ගැන පැහැදිලි තොරතුරක් නැත. ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න සැක සහිතය. තහවුරු කර ගැනීමට නොහැකියි.නව ගායනයක් (මුල් ගීයේ පද වලින් කොටසක් පමණි ගැයෙන්නේ.)

නව ගායනයට අදාල පද ගෙතුම

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා //
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා //
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නෙකෝ

කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

Song : Kothanaka Hitiyath
Singer : H.R. Jothipala
Lyricist : Chithrananda Abesekara
Movie : Samiya Birindage Deviyaya 1964

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kothanaka Hitiyath Oba Melowe Song Lyrics - කොතනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ පද පෙළ Kothanaka Hitiyath Oba Melowe Song Lyrics - කොතනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment