Kobeyiyane Alu Kobeyiyane Song Lyrics - කොබෙයියනේ අළු කොබෙයියනේ ගීතයේ පද පෙළ

Kobeyiyane Alu Kobeyiyane Song Lyrics - කොබෙයියනේ අළු කොබෙයියනේ ගීතයේ පද පෙළ
Song Title : Kobeyiyane Alu Kobeyiyane (කොබෙයියනේ අළු කොබෙයියනේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුමාර ලියනගේ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

කොබෙයියනේ අළු කොබෙයියනේ //
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ

හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

බිනර කළුවරට ගම් දොර තියේ නිදි වරා
පැලේ මිණි පහන දැක්කයි යහන් මත තියා
සුළං දොර ඇරන් ඇවිදින් අඳුර දී ගියා
කොයිද පුතු කොයිද නාවේ ඇයිද පෙම්බරා

කොබෙයියනේ අළු කොබෙයියනේ

හෝ හෝ හෝ
හෝ හෝ හෝ
ම් ම් ම්.. ම් ම්..

යාය දෙගොඩ පාළුව ඇහැරිලා රෑ පුරා

තනා කුළුණු ගුණ සී පද පුතුට කියනවා
වහන් වී ගියත් නෙත පිට ඉන්න තැන කියා
එන්න පුතු මගේ දෝතට එන්න පින්සරා

කොබෙයියනේ අළු කොබෙයියනේ //
තෝර පෙතේ අර වැට ළඟ නිදන්නේ
මන්ද ම පුතු මගෙ දෝතට නොදෙන්නේ
කොබෙයියනේ අළු කොබෙයියනේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kobeyiyane Alu Kobeyiyane Song Lyrics - කොබෙයියනේ අළු කොබෙයියනේ ගීතයේ පද පෙළ Kobeyiyane Alu Kobeyiyane Song Lyrics - කොබෙයියනේ අළු කොබෙයියනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment