Mama Kadulu Binduwak Song Lyrics - මම කඳුළු බිංදුවක් ගීතයේ පද පෙළ

Mama Kadulu Binduwak Song Lyrics - මම කඳුළු බිංදුවක් ගීතයේ පද පෙළ
Song Title : Mama Kadulu Binduwak (මම කඳුළු බිංදුවක්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් //
මම කඳුළු බිංදුවක්

දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුණ
ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන //
ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද

මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක්
මම කඳුළු බිංදුවක්

රළු පරළු කුරිරු හදක් වෙඬරු වී වැගිරෙන
ගිනි ගැණුනු පෑල මල් දෙකොපුල රෑරා එන //
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද

මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් //
මම කඳුළු බිංදුවක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Kadulu Binduwak Song Lyrics - මම කඳුළු බිංදුවක් ගීතයේ පද පෙළ Mama Kadulu Binduwak Song Lyrics - මම කඳුළු බිංදුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment