ටී ටයිම් චොක්ලට් කේක් හදමු (Tea Time Chocolate Cake) 🍰

ටී ටයිම් චොක්ලට් කේක් (Tea Time Chocolate Cake) 🍰 - Your Choice Way
තේ වෙලාවෙදි පහසුවෙන් හා ඉක්මනින් හදා ගන්න පුළුවන් රසවත් චොක්ලට් කේක් එකක් තමයි මං අද ඔයාලට ගෙනාවෙ 😍ඒ වගේම අවන් එකක් නැති අපේ යාලුවන්ටත් ගෑස් ලිපේ මේ කේක් එක හදා ගන්න පුළුවන්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 බිත්තර 1 ක්
  • 🎈 සීනි කෝප්ප 1/3 ක්
  • 🎈 තෙල් මේස හැඳි 2 ක් ( එලවලු තෙල් හෝ පොල්තෙල්)
  • 🎈 කොකෝවා පවුඩර් මේස හැඳි 2 ක්
  • 🎈 පාන්පිටි කෝප්ප 1/3 ක්
  • 🎈 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
  • 🎈 බේකින් සෝඩා තේ හැඳි 1/4 ක්
  • 🎈 වැනිලා තේ හැඳි 1/4 ක්
  • 🎈 කිරි කෝප්ප 1/4 ක්
  • 🎈 ලුණු පිංචක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍰 මුලින්ම බිත්තරය හොඳින් ගසා ගන්න.
  2. 🍰 එයට වැනිලා එකතු කරන්න.
  3. 🍰 සීනි ටික ටික එකතු කරමින් හොඳින් පෙන නගින තුරු ගසන්න.
  4. 🍰 එයට ලුණු පිංචක් එකතු කරන්න.
  5. 🍰 තෙල් මේස හැඳි 2 ද එක් කරමින් නැවත හොඳින් ගසන්න.
  6. 🍰 දැන් පිටි,කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකට හලා තුන් වරකට ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න.
  7. 🍰 හොඳින් මිශ්‍ර වූ පසු කිරි කෝප්ප කාල දෙතුන් වතාවකට එකතු කරමින් මිශ්‍ර කර ගන්න.
  8. 🍰 දැන් බටර් තවරා ගත් තැටියක මිශ්‍රණය දමා දෙතුන් වතාවක් අතින් තට්ටු කර වාතය ඉවත් කර ගන්න.
  9. 🍰 පියනකින් හොඳින් වැසිය හැකි භාජනයක් ලිප තබන්න. යකඩ දරණුවක් භාජනය පතුලේ තබන්න.පියනෙන් වසා විනාඩි 5 ක් පමණ මද ගින්නේ රත් කරන්න.
  10. 🍰 දැන් සාදා ගත් කේක් මිශ්‍රණය මේ රත් කරගත් භාජනයේ ඇති දරණුව මතින් තබා පියනෙන් හොඳින් වසා විනාඩි 20 ක් 25 ක් පමණ පුලුස්සා ගන්න.
  11. 🍰 ටූත් පික් එකක් හෝ ඉරටුවක් ගසා බේක් වෙලාද කියලා බලන්න.
  12. 🍰 ඔයාලා අවන් එකක් පාවිච්චි කරනවා නම් 180° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 20 ක් 30 ක් පමණ බේක් කර ගන්න.
ඔන්න ඉතිං ඉතාමත් පහසුවෙන් හදා ගෙන රස විදින්න පුළුවන් .ඔයාලත් හදලා රස කියන්නකෝ 😍😍

හෙළයේ රස මිහිර
ටී ටයිම් චොක්ලට් කේක් (Tea Time Chocolate Cake) 🍰 - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටී ටයිම් චොක්ලට් කේක් හදමු (Tea Time Chocolate Cake) 🍰 ටී ටයිම් චොක්ලට් කේක් හදමු (Tea Time Chocolate Cake) 🍰 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment