Ek Dinak Pasuthawennemi Mam Song Lyrics - එක් දිනක් පසුතැවෙන්නෙමි මම් ගීතයේ පද පෙළ

Ek Dinak Pasuthawennemi Mam Song Lyrics - එක් දිනක් පසුතැවෙන්නෙමි මම් ගීතයේ පද පෙළ
Song Title : Ek Dinak Pasuthawennemi Mam (එක් දිනක් පසුතැවෙන්නෙමි මම්)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
තනුව : මහින්ද බණ්ඩාර


එක් දිනක් පසුතැවෙන්නෙමි මම්
කල්පයක් සැනසෙන්න හැකිනම්
අත්භවෙන් සමු අරන් එමි මම්
සමිඳ ඔබ හමුවේවිනම්
සමිඳ ඔබ හමුවේවිනම්

පහන් තරු යට
දෙසන වදනට
පුංචි අකුරක් වෙන්න ඇත්නම්
පා නඟන සක්මන් තලාවක
වැලි මිටක් වී ඉන්න ඇත්නම්
වෙළෙමි ගැලෙමී මා (වෙළෙමි ගැලෙමි මා)
සල්සමන් මල් වැලක් විලසින්
සමිඳ ඔබ හමුවුනෝතින්

පැන් පොදක් දන් දෙන්න අකැමැති
බිමක ගඟුලක් වෙන්න ඇත්නම්
කවියටත් යුද වදින දිනකදි
අවි තුඩග සුදු මලක් වෙන්නම්
යදිමි යදිමී මා (යදිමි යදිමී මා)
එහෙව් පිවිතුරු පැතුම් වෙනුවෙන්
සමිඳ ඔබ වැඩියොත් ඉතින්

එක් දිනක් පසුතැවෙන්නෙමි මම් (සමිඳේ)
කල්පයක් සැනසෙන්න හැකිනම් (සමිඳේ)
අත්භවෙන් සමු අරන් එමි මම් (ආ..)
සමිඳ ඔබ හමුවේවිනම් (ආ...)
සමිඳ ඔබ හමුවේවිනම් (ආ.......)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ek Dinak Pasuthawennemi Mam Song Lyrics - එක් දිනක් පසුතැවෙන්නෙමි මම් ගීතයේ පද පෙළ Ek Dinak Pasuthawennemi Mam Song Lyrics - එක් දිනක් පසුතැවෙන්නෙමි මම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment