Duwille Pipunayi Song Lyrics - දූවිල්ලේ පිපුණයි ගීතයේ පද පෙළ

Duwille Pipunayi Song Lyrics - දූවිල්ලේ පිපුණයි ගීතයේ පද පෙළ
Song Title : Duwille Pipunayi (දූවිල්ලේ පිපුණයි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ජයන්ත රත්නායක


දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල් //

රෑ හිරිකඩ ඇවිදින්
පැන් ඉස ඉස යනවා
දාවල ඉර ඇවිදින්
නෙතු පිය ඇහැරනවා //
අපි වගේ මල් තමයි
සුවඳට පෙම් බඳිනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

රන් මිරිවැඩි දෙපසට
පෑගී හිත රිදෙනා
අත පා ඉල්ලන විට
බමරුන් ඔරවනවා //
අපි වගේ මල් තමයි
කවදා හරි පිපෙනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwille Pipunayi Song Lyrics - දූවිල්ලේ පිපුණයි ගීතයේ පද පෙළ Duwille Pipunayi Song Lyrics - දූවිල්ලේ පිපුණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment