Denna Eka Sirure Song Lyrics - දෙන්නා එක සිරුරේ ගීතයේ පද පෙළ

Denna Eka Sirure Song Lyrics - දෙන්නා එක සිරුරේ ගීතයේ පද පෙළ
Song Title : Denna Eka Sirure (දෙන්නා එක සිරුරේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි
1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.


දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ
වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

අම්මා අවසන් හුස්ම හෙළද්දී
දිවුරා කී දේ අද කෝ
රැක ගන්නට සොහොයුරු ඔබෙ ප්‍රාණේ බැමි
හදලා බලලා සැපදී

එක පණ වගේ කිසිම දුකක් කරදරයක් නැතුව මල්ලිව හොඳින් බලාගන්න ඕන පුතා

අම්මා කිසි දේකට බය වෙන්න එපා අම්මෙ. මං මල්ලිව හොඳින් ආරක්ෂා කරන්නම්.

හනේ මගේ පුතාට තුනුරුවන්ගේ පිහිටයි.
අම්මා... අම්මා... අම්මා...

බලන්න ඔහු යනවා
අයියෝ උණු ලේ කඳුළු සල

දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ
වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

අනුකම්පාවක් නොසිතා
ගත පලලා දෙකඩක කරලා

මේ ලෙස සොහොයුරු ප්‍රේමේ
බැමි සිඳලා බිඳලා දමලා
හැදෙන්න පෙර එලවා දැම්මා
කුරුල්ලා තටු කඩලා

බිරිඳයි දරුවයි සනසා
දුක වාවා ඔහු කැඳවනවා
ආ.. ආ....
බිරිඳයි දරුවයි සනසා
දුක වාවා ඔහු කැඳවනවා
බලන්න කිසිවෙකු නෑ
අයියෝ හදවත උණු වෙනවා

දෙන්නා එක සිරුරේ
උන්නා එක පණ සේ
දැන් මේ මොකද වුණේ
අයියෝ ඔබ මේ මොකද කළේ
වෙන්වී කඳුළු සලා
අයියෝ එක හිත දෙපලු වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Denna Eka Sirure Song Lyrics - දෙන්නා එක සිරුරේ ගීතයේ පද පෙළ Denna Eka Sirure Song Lyrics - දෙන්නා එක සිරුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment