Budu Thaththe Bonna Epa Song Lyrics - බුදු තාත්තෙ බොන්න එපා ගීතයේ පද පෙළ

Budu Thaththe Bonna Epa Song Lyrics - බුදු තාත්තෙ බොන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Budu Thaththe Bonna Epa (බුදු තාත්තෙ බොන්න එපා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා

එතෙරක දහදුක් විඳ අම්මා
කාසි සොයා දෙන්නේ
සුරාසැලේ ඒ සේසත දිය කර
ඔබ ගෙදරට එන්නේ
අකාරුණික ලොව අමතක කරණුව
ඔබ ලෝදිය බොන්නේ
එවිට අපද ඒ අකාරුණික වූ
ලොව වල්මත් වන්නේ
ලොව වල්මත් වන්නේ

බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා

හාමත් වී අප නින්දට වන් විට
අසලින් ඇලවෙන්නේ
වරදට තැවෙමින් අප තුරුළට ගෙන
තනිවම වැලපෙන්නේ
අප පාගා ගෙන සිටිනා සතුරන්
සටනට කැඳවන්නේ
සිහියෙන් මිස අව සිහියෙන් කෙලෙසද
සතුරන් වනසන්නේ
සතුරන් වනසන්නේ

බුදු තාත්තෙ බොන්න එපා
බුදු තාත්තෙ බොන්න එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Thaththe Bonna Epa Song Lyrics - බුදු තාත්තෙ බොන්න එපා ගීතයේ පද පෙළ Budu Thaththe Bonna Epa Song Lyrics - බුදු තාත්තෙ බොන්න එපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment