බතල පරාටා හදමු (Bathala Parata)

බතල පරාටා හදමු (Bathala Parata) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍠 බතල 300g ක්
  • 🍠 පාන්පිටි කෝප්ප 1 ක්
  • 🍠 සිහින්ව ලියාගත් කරපිංචා කොල ටිකක් හෝ කොත්තමල්ලි කොල ටිකක් 
  • 🍠 අවශ්‍ය පමණ ලුනු 
  • 🍠 තෙල් ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 මුලින්ම බතල හොඳින් සෝදා තම්බා ගන්න.
  2. 💥 තම්බාගත් බතල පොතු ඉවත් කර ගෑරුප්පුවකින් කෑලි නොසිටින සේ හොඳින් පොඩිකර ගන්න.
  3. 💥 පසුව එයට පාන්පිටි , ලුනු සහ ලියාගත් කරපිංචා හෝ කොත්තමල්ලි කොල එකතු කර හොඳින් මිශ්‍ර කරමින්  රොටි පදමට අනා ගන්න. වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ බතල වල තියන තෙත ගතිය ඇති, තෙත ගතිය වැඩි නම් තව පාන්පිටි ටිකක් එකතු කරන්න.
  4. 💥 අනාගත් රොටි මෝලිය වටේට තෙල් ටිකක් තවරා පියනකින් වසා විනාඩි 20 ක් පමණ තබන්න.
  5. 💥 පසුව සමාන බෝල වලට වෙන් කර පිටි ඉසගත් මතුපිටක දමා උඩිනුත් පිටි ටිකක් ඉස රෝලින් පින් එකකින් තුනීකර ගන්න . ඝනකම ට ගන්න එපා ගොඩාක් තුනී කරන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගන්නත් පුළුවන් කැමති නම්.
  6. 💥 දැන් රත්කර ගත් රොටි තැටියක තුනී කරගත් පරාටා දමා යන්තමින් පාට වනවිට අනෙක් පැත්ත දමා පරාටා එක මතුපිට තෙල් ටිකක් තවරා හැන්දකින් මෘදු ලෙස තද කරමින්  පුලුස්සා ගන්න. දෙපැත්තම මේ විදියට තෙල් තවරමින් මෘදු ලෙස තද කරමින් රන්වන් පැහැ වනතුරු පුලුස්සා ගන්න.

🍂 ඔයාලා කැමති කරි එකක් හෝ සම්බලක් සමග උනත් මේ පරාටා රස විඳින්න පුළුවන් .රසයෙන් මෙන්ම ගුනයෙන් ඉහලයි.උදෑසන ආහාර වේලට ඉතාමත් හොඳ ආහාර වට්ටෝරුවක් මං ඔයාලට ගෙනාවෙ, ඉතිං ඔයාලත් හදලා රස බලන්නකෝ 😍 මටත් ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 🧡❤️🧡❤️❤️ 

හෙළයේ රස මිහිර
බතල පරාටා හදමු (Bathala Parata) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බතල පරාටා හදමු (Bathala Parata) බතල පරාටා හදමු (Bathala Parata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment