බනානා කස්ටඩ් පුඩිං හදමු 🍌🍌🍌 (Banana Custard Pudding)

බනානා කස්ටඩ් පුඩිං හදමු 🍌🍌🍌 (Banana Custard Pudding) - Your Choice Way

අද මං ඔයාලට ඉතාම රසවත් අතුරුපසක් තමයි අරගෙන ආවෙ. ගෙදර ට හදිසියෙන් එන අමුත්තෙකුට උනත් ඉතාමත් පහසුවෙන් සහ කෙටි වෙලාවකින් හදා ගෙන පිලි ගන්වන්න පුළුවන් ඉතාම රස අතුරුපසක් . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍌 ඉදුනු කෙසෙල් ගෙඩි 5,6 ක්
  • 🍌 කුඩුකර ගත් බිස්කට් 7,8 ක්( ඔයාලා කැමති බිස්කට් වර්ගයක් ගන්න)
  • 🍌 කිරි මිලි ලීටර් 500 ක් ( කෝප්ප 2 ක් )
  • 🍌 වැනිලා කස්ටඩ් මේස හැඳි 2 ක්/ කෝන්ෆ්ලාර් මේස හැඳි 2 ක්
  • 🍌 සීනි පුරවා ගත් මේස හැඳි 3 ක්
  • 🍌 ලුණු පිංචක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍧 මුලින්ම කස්ටඩ් මේස හැඳි දෙක භාජනයකට දමා කිරි මේස හැඳි 3 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න.
  2. 🌹 කෝන්ෆ්ලාර් ගන්නවා නම් කෝන්ෆ්ලාර් මේස හැඳි 2 ට කිරි මේස හැඳි 3 ක් , වැනිලා තේ හැඳි බාගයක් සහ කැමති වර්ණයකින් ආහාර වර්ණක බිඳු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න. 
  3. 🍧 දැන් භාජනයක් ලිප තබා එයට කිරි, සීනි සහ ලුණු පිංචක් එකතු කර සීනි දියවන තුරු මද ගින්නේ හැඳි ගාමින් උතුරවා ගන්න.
  4. 🍧 කිරි ටික  උතුරන විට ගින්දර අඩු කර දියකර ගත් කස්ටඩ් හෝ කෝන්ෆ්ලාර් මිශ්‍රණය කිරි එකට එකතු කර කැටි ගැසෙන්නට නොදී හොඳින් හැඳි ගාමින් විනාඩි කිහිපයක් පිස ගන්න.
  5. 🍧 මේ මිශ්‍රණය ගොඩාක් ඝන වෙන්න දෙන්න එපා තරමක් ඝන උනාම ඇති.
  6. 🍧 දැන් ලිපෙන් ඉවතට ගෙන දිගටම හැඳි ගාන්න ටිකක් නිවෙනතුරු. නැත්නම් කැටි ගැසෙන්න පුළුවන් එතකොට අපට පුඩිං එකේ නියම රසය ලැබෙන්නෙ නැහැ.
  7. 🍧 වරින් වර හැඳි ගාමින් කස්ටඩ් එක හොඳින් නිවෙන්න තියන්න.
  8. 🍧 දැන් පුඩිං දමන භාජන සූදානම් කර ගන්න.
  9. 🍧 කෙසෙල් තරමක් සිහින් පෙති කපා ගන්න.
  10. 🍧 මුලින්ම පුඩිං දමන බඳුනේ පතුලට කුඩුකර ගත් බිස්කට් ටිකක් දමන්න.
  11. 🍧 දැන් ඒ මත කෙසෙල් පෙති ටිකක් අතුරා ගන්න.
  12. 🍧 දැන් සාදාගත් කස්ටඩ් මිශ්‍රණයෙන් ස්වල්පයක් ඒ මත දමන්න.
  13. 🍧 නැවත බිස්කට් කුඩු ටිකක් දමන්න.
  14. 🍧 කෙසෙල් පෙති ටිකක් අතුරන්න.
  15. 🍧 නැවත කස්ටඩ් මිශ්‍රණය දමන්න.
  16. 🍧 මෙලෙස තට්ටු වශයෙන් භාජනයෙන් 3/4 ක් පමණ පුරවා ගන්න.
  17. 🍧 අවසානයට කස්ටඩ් මිශ්‍රණය මත කෙසෙල් පෙති ටිකක් දමා , අවශ්‍ය නම් වියලි මිදි ටිකක් එකතු කර ශීතකරණයේ තබා හොඳින් සිසිල් වූ පසු පිලි ගන්වන්න පුළුවන්.
ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
බනානා කස්ටඩ් පුඩිං හදමු 🍌🍌🍌 (Banana Custard Pudding) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බනානා කස්ටඩ් පුඩිං හදමු 🍌🍌🍌 (Banana Custard Pudding) බනානා කස්ටඩ් පුඩිං හදමු 🍌🍌🍌 (Banana Custard Pudding) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment