Ayubowan Pembaranani Song Lyrics - ආයුබෝවන් පෙම්බරාණනි ගීතයේ පද පෙළ

Ayubowan Pembaranani Song Lyrics - ආයුබෝවන් පෙම්බරාණනි ගීතයේ පද පෙළ
Song Title : Ayubowan Pembaranani (ආයුබෝවන් පෙම්බරාණනි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ශාන්ත කුමාර විතාන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ආයුබෝවන් පෙම්බරාණනි ඔබට සුභ දවසක්
දුකක් නොරැඳෙන හෙටක් වෙණුවෙන්
සුසුම් සුභ පැතුමන්
ඔබට සුභ දවසක් //

පැනින් නහවා
ඇඟිලි ගෙල වට රනින් තැලි පළඳා
සසර ඉම තෙක් එක්ව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා

ආයුබෝවන් පෙම්බරාණනි ඔබට සුභ දවසක්
දුකක් නොරැඳෙන හෙටක් වෙණුවෙන්
සුසුම් සුභ පැතුමන්
ඔබට සුභ දවසක්

හාදු තැවරූ රෝස කම්මුල්
රළු අතින් පිසවා
දෙතොල ඉකිලන
සුසුම් කැඳවන
රුදුරු බස් බණවා
නෙතු කඳුළු පුරවා

ඔබෙන් රිදවුණු නෙතින් ගිලිහුණු
කඳුළු පැන් කළසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayubowan Pembaranani Song Lyrics - ආයුබෝවන් පෙම්බරාණනි ගීතයේ පද පෙළ Ayubowan Pembaranani Song Lyrics - ආයුබෝවන් පෙම්බරාණනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2022 Rating: 5

0 comments:

Post a Comment