Your Choice Way

Weralu Gediya Song Lyrics - වෙරළු ගෙඩිය ගීතයේ පද පෙළ

Weralu Gediya Song Lyrics - වෙරළු ගෙඩිය ගීතයේ පද පෙළ
Song Title : Weralu Gediya (වෙරළු ගෙඩිය)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත් 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන

තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇන කොටා ගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Weralu Gediya Song Lyrics - වෙරළු ගෙඩිය ගීතයේ පද පෙළ Weralu Gediya Song Lyrics - වෙරළු ගෙඩිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment