මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama)

මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳට මෝරපු ගස්ලබු ගෙඩියක්
  • B ළූණු ගෙඩියක්
  • රතු ළූණු ගෙඩි කිහිපයක්
  • අමු මිරිස් කරල් 3 ක්
  • කරපිංචා
  • කුරුදු
  • සුදු ළූණු ගෙඩි කිහිපයක්
  • ඉගුරු කැබැල්ලක්
  • අබ කුඩු කහ පමණට
  • තුනපහ කුඩු
  • ලුණු
  • පොල් කිරි (මිටිකිරි) කෝප්පයක්
  • දිය කිරි කෝප්ප 3 ක්
  • කැකුළු හාල් මිටක්
  • පොල් අඩු කෝප්ප 1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ කබලක් ලිප තබා (මාතර අපි කබල කියන්නෙ සමහර දේවල් බඳින්න,පුළුස්සා ගන්න අපි වෙනම ඇතිලියක් තියාගෙන ඉන්නව.අන්න ඒකට) හාල් මිට හොදට බැද ගන්න හැබැයි කලු වෙන්න පුච්ච ගන්න නම් එපා.පසුව පොල් ටිකත් හොඳට බැද ගන්න. පොල් වල තෙත ඉවත් වෙලා හොඳට බැදෙන්න ඕන.ඉන්පසු බැද ගනිපු හාල් ටික සහ පොල් ටික හොඳට අඹර ගන්න.(මම නම් මිරිස් ගලේ තමයි අඹරන්නෙ)බ්ලෙන්ඩරයකට දාල කරත් හරි.ඊළඟට මේ පේස්ට් එක ගුලියක් වගේ හදාගෙන මැදින් පොඩ් සිදුරක් හදල ඒකට මිටි කිරි පොඩ්ඩක් පුරවල පසෙකින් තබන්න.
  2. ♦️ දැන් ගස්ලබු ගෙඩිය පොතු ඉවත්කර හොඳට සෝදා ගන්න.පසුව කුඩා කැබලි වලට කපන්න.කපා ගත් ගස්ලබු මැටි ඇතිලියකට දා ගන්න.(ඇලුමිනියම් වල උයන්න එපා රස නැහැ.ඕනම කෑමක් මැටි වළඳෙ ඉව්වම රස වැඩියි) පසුව එයට කහ ලුණු සහ මිරිස් කුඩු හැන්දක් දමා දිය කිරි ටික දමා ලිප තබන්න. මද ගින්දරේ හොඳට තැම්බෙන්න ඕන.
  3. ♦️ ගස්ලබු ටික තැම්බුනාට පසු එය බාගෙන කුළුබඩු සියල්ල දමා ගන්න.රතු ළූණු,සුදු ළූණු තලල දාන්න.කපල දානවට වඩා රසයි. කරපිංචා ටිකත් අඹරලාම දාන්න.දැන් මේකට මිටි කිරි ටික දමා හොඳට කවලම් කර ලිප තබන්න.
  4. ♦️ කිරි නටාගෙන එද්දි අර අපි හදා ගත්ත පේස්ට් එක දාල හැන්දකින් හොඳට කවලම් කරන්න.දැන් B ළූණු ගෙඩිය සිහින්ව ලියා ඒකට එකතු කරන්න.මද ගින්දරේ හොඳට පිස ගන්න.
  5. ♦️ අපි කියන්නේ හැන්දෙ දැවටෙන ගානට හොදි ගතිය තියෙන්න හදනවා කියන්නේ. වැඩියම හින්දවන්නත් එපා.
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) - Your Choice Way

මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) - Your Choice Way

මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) මාතර ක්‍රමයට ගස්ලබු ආනම හදමු 🍲 (Gaslabu Anama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2022 Rating: 5

0 comments:

Post a Comment