වියරුවක ශාපය ඇවිලෙයි (Viyaruwa)

වියරුවක ශාපය ඇවිලෙයි (Viyaruwa) - Your Choice Way

නාන කාමරයට පිවිසි ඕඅයිසී ඒකනායක නාන කාමරය හාත්පස සිසාරා නිරීක්ශනය කරන්නට විය.නානකාමරය පුරා සෑම තැනකම රක්තවර්න ලේ පැල්ලම් තිබුනේ ඒ තුල අවසානය උදාකරගත් තැනැත්තා මිය යාමට පෙර සැහෙන තරම් මරනීය රංගනයක යෙදී ඇති බව පැහැදිලි කරමිනි.ඒ තුල ලෙයින් ඇදුනු පියසටහන්ද තවත් ලෙ පැල්ලම් රාශියක්ද වූ අතර ඇතුලත ඌ තිර රෙද්දේ මිනිස් ලෙයින් ඇදුනු දෑත් සටහනක් විය.මේ සියලුම නිරීක්ශන වෙත ඒකනායකගේ දෑස් යොමුවූයේ දෙවනුවට‍යි.පලමුව ඔහුගේ දෑස් යොමු වූයේ ඒ තුල දෑත් දෙපා විදහා මැරී වැටී සිටි තරුනයා වෙතයි.ඔහුගේ උදරයේ ඌ කැපුම් තුවාලයෙන් බඩවැල් එලියට ඇදී දසත ලේ පාරවල් ගලා ගොස් තිබුනි.ගෙලෙහි ඌ දිග කැපුම මුකය දෙපස දක්වාම ඇදී තිබුනේ හිස කදින් වෙන්වීමට ආසන්න කරමිනි.

"සාජන්ට් දිසානායක..කවුද මේ කොල්ලා"මල සිරුරට අත දිගුකරමින් ඒකනායක විමසීය.
"මෙයා ගයාන් සූරියනායක..ජපුර කැම්පස් එකෙන් උපාදිය ගත්ත ඩොක්ටර් කෙනෙක්.මේ විදිහෙ මරණයක්..අනේ මන්ද සර්..මට නං තේරුං ගන්න බෑ..තියුනු ආයුදයකින් කරපු කැපීම් කියල හිතුවට ඇත්තටම මේව එහෙම කැපීම් නෙවේ .මේ තීන තුවාල හරියට ....හරියට ඉරල දාල වගේ.කිසිම සාක්ශියක් නෑ...මට නං මුකුත්ම අදහසක් නෑ සර්"

"හොදයි..මරන පරීක්ශනේ කරල,මිනිය බාරකරුවන්ට බාර දෙන්න.මරන පරීක්ශන වාර්තා මට එවන්න"
"මොන විදිහෙ බයානක මරනයක්ද.මොකාද මේ පොලීසියත් එක්ක සෙල්ලං කරන්න හදන්නෙ..මුලින් ඒ කෙල්ල..දැං මේ කොල්ල..අනේ මංද"නැවත පොලිස් ස්තානය බලා ගමන් කරන එකනායක තමන්ටම කියාගත්තේ වියවුල් මනසිනි..

"ගයියා..ඒ...බොක්කා,උබට කියන්න දෙයක් තීනෝ බං"අකිල පැවසුවේ තමාගේ හොදම මිතුරා ඌ ගයාන්ටයි.ගයාන් සූරියනායකටයි!!!

"මොකද්ද බං..මං ලයිබ්‍රරිය පැත්තට යන්න කියල.ඉක්මනට කියාං"ගයාන් පැවසීය.කොහොමත් ඔහු හැමදේකටම වඩා ඉගෙනීමට වෙහෙසෙන්නෙකි.
"ඒහ්..මේ..උබට ශුවරුත් නැති වෙයි.මම රූහිට කිව්ව.ඒ ඒකිත් කැමතිලු.මේහ්..උබටත් හැපී නේහ්..යම๬ අද ම්ං ගානෙ පාටි"

"ඒහ්..සිරා..ටේක් මයි කන්ග්‍රෑට්ස් මචෝ..ගුඩ් ලක් ඈ..තද තද"ගයාන් මුවපුරා සිනාසෙමින් පැවසුවේ අකිලගේ පිටටද තට්ටු කරමිනි.
"යමං..වරෙං දැංම යං..මේව හැමදාම නෑ"අකිල පැවසුවේ බලවත් සතුටිනි"
"බෑ බෑ..ටිකක් ඉදාං.මං පොඩි වැඩකට ගිහින් එන්නම්.පට ගාල එනෝ.හිටාං"
"හරි හරි ඒනං,ඉක්මනට වරෙං ආ"
"ඕකේ මචෝ,"

ගයාන්,අකිල හොදම යහලුවො උනේ ජපුර කැම්පස් එකේදියි.දෙන්නම දැං මේ ඉන්නෙ ලාස්ට් යියර් එකේ.රූහි එයාලට වඩා වසරක් බාල දගකාර,කටකාර වගේම හැඩකාර තරුනියක්.අකිලගෙ සෙල්ලක්කාර හිත හොරාගන්න සමත් උනේ මෙන්න මේ පුන්චි කෙල්ල.සෙල්ලක්කාර..ආ...මං ඒක කිව්වෙ නෑද..හී හී..අකිල කියන්නෙ පලාතෙම ඉන්න දක්ශම බිස්නස්මන් කෙනෙක්ගෙ බාල පුතා .ඉතිම් කියන්න දෙයක් නෑනි...එහෙම කොල්ලො සෙල්ලක්කාර නොවී ඉන්නෙ කලාතුරකින්..අකිල සෙල්ලක්කාර තමයි..නමුත් ගොඩක්ම හොද හිතක් තිබුනු කොල්ලෙක්.ඉතින් කාලයක්ම පස්සෙන් ගිහින් රූහිගෙ හිත ගන්න අකිල සමත් උනා.අද තමා ඒ දවස..

අකිලගෙන් වෙන්වුනු ගයාන් කෙලින්ම ආවෙ කැම්පස් එකේ පාලු හරියකටයි.මෙච්චර වෙලාවක් හිතේ හිරකරං ඉදපු දුක ගයාන් එතනට ඇවිත් කදුලු කලා.ඔව්..ගයාන් රූහිට ආදරේ කරා..ඒ ආදරේ කරපු තරමටම අකිලට වෛර කරා.හේතුව ගයාන්ට අකිලට වගේ සල්ලිවත් බලයවත් තිබුනෙ නෑ.නමුත් අකිල ගයාන්ට තමන්ගෙම සහෝදරයෙක්ට වගෙයි සැලකුවේ.ගයානුත් හිත යටින් වෛරෙන් ඉදියත් බොරුවට අකිලට හිතවත් කම පෙන්නුවා.මේ වෛරය කවදමහරි ලොකු විනාසයක් ගේයි කියල ගයාන්,අකිල රූහි තුන් දෙනාම දැනං ඉදියෙ නෑ.

කාලය කෙමෙන් කෙමෙන් ගත උනේ ගයාන් වෛද්‍ය්වරයෙක් බවට පත් කරමින්.ඒ රූහිගේත් අකිලගේත් දෝරෙ ගලන සතුටත් එක්කමයි.තමන්ගෙ හොදම යාලුව ඉගෙනීමෙන් හොදම තැනකට ආපු එක ගැන අකිලගෙ වගේම රූහිගේ හිත්වලත් ඇති උනේ ලොකු සතුටක්.අකිලත් තමන්ගෙ තාත්තගෙ බිස්නස් හැම එකකම බාරකාරයා උනා.මේ හැම්දේම එක්ක අකිල වගේම රූහිත් ආදරයේ උපරිමම මට්ටමට ලගා උනා.ඉතින් ඒ දේ කෙලවර උනේ ඒ දෙන්නගෙම විවාහයෙනුයි.ඔය විදිහට රූහි අකිල ජෝඩුව තමන්ගෙ ජීවිතේ ගොඩක් සතුටින් ආදරෙන් ගතකලා.කාලය ගියත් ඒ කාලයේ වැලිතලාවෙන් ගයාන්ගෙ හිතේ තිබුනු වෛරයේ ගිනි පුපුරු හංගන්න නං බැරි උනා.අකිලව රූහිව දකින හැම වාරයක් පාසාම ගයාන්ගෙ හිතේ තිබුනු මේ වෛරය අලුත් උනා.වෛද්‍යවරයා කාරුනික පුද්ගලෙයෙක් වියයුතුයි..හැමෝගෙම හැගීම් අදුනන්නෙක්..නමුත් ගයාන්...වෛරයෙන් අන්ද උනු පුද්ගලයෙක්..පලිගන්න අවස්තාවක් හොයමිනුයි ගයාන් ඉදියෙ.එක කාලකන්නි දවසක අන්න ඒ පාපතර ආශාව ගයාන් ඉශ්ට කරගත්තෙ කාටවත්ම නොදැනෙන්නයි.
"ආ..ගයාන්..අකිල නං නෑ..එන්න එන්න.අපේ දොස්තර මහත්තය සුදු වෙලා ලස්සන වෙලා.මොකෝ කෙලිපොඩිත්තක් හොයාගත්තෑ"රූහි ගයාන්ට දොර විවර කරමින් පැවසුවේ කලකින් දුටු මිතුරා සතුටින් පිලිගනිමි.

"නිකං ඇවිත් යන්න ආව රූහි.කොහොමද ඉතින් පවුල් ජීවිතේ"මද සිනාවක් පාමින් ගයාන් විමසුවේ කිසිදු අමුත්තක් නොපෙන්වමිනි.
"ඕ..ඔයා ඉතින් මගෙම අයිය වගේනේ..අකිලටත් කලින්ම මං මේක කියනෝ ඒනං හොදද.අකිලට ඒම කියන්න එපා දැම්ම.එයාව සර්ප්‍රයිස් කරන්න ඕනි"
"මොකද්ද රූහි..ම්ම්..මට හිතාගන්න බෑ"

"මං ප්‍රෙග්නට්..ඔන්න ඔයා මාම කෙනෙක් හොදේ"රූහි පවසුවේ සතුටින් සිනාසෙමිනි.සැබවින්ම ඇගේම සහොදරයෙකුට මෙනි ඈ ගයාන්ට සැලකුවේ.

"ඔන්න මං සුබපතනව නංගි ඒනම්..කන්ග්‍රැජුලේශන්ස් නංගා"මුව පුරා සිනාසෙමින් පැවසුවත් හිත ඇතුලින් ගයාන් ගිනිගෙන දැවෙන්නට විය.ක්‍රමයෙන් වෛරී චේතනා ඔහුගේ සිත ආක්‍රමනය කරන්නට විය.
"ඉන්න මං අයියට බොන්න මොනාත් ගේන්නං..අකිල එද්දි නං රෑවෙයි අද"රූහි මුලුතැන්ගේ දෙසට ඇදුනි.ගයාන්ද ඇගෙ පස්සෙන්ම වැටුනේ ඈට නොදැනෙන්නටයි.මුලුතැන්ගෙයට ගොස් නැවත හැරුනු රූහි දටුවේ තමා පසුපස ඌ ගයාන්ය.
"ආහ්..මං බය උනා..අයිය සාලෙට වෙ.."

"මට ඔයාව ඕනි රූහි"ඇගේ කතාව අවසන් කිරීමටත් පෙරම ගයාන් පැවසීය.
"මො..මොනවද මේ කියන්නෙ..අයියෙ"
"මාත් එක්ක යං..අකිලට ඔයා ගැලපෙන්නෑ.මමයි ඔයාට ආදරෙ ..ඌ...ඌ බොරුකාරේක්"
"මොනවද මේ තමුන් කියවන්නෙ..මගෙ අකිල බොරුකාරේක් නෙමේ..පිස්සු හැදිලද අයියෙ තමුසෙට"සිතේ හටගත් තරහ නිසා රූහි ගයාන්ට බැනවදින්නට විය.

"ආ..උබේ අකිල..බලාගනිං අද උබට වෙනවැඩේ.උබ මගේ.මගේ විතරයි.උබ කොහොමද උගේ දරුවට අම්ම වෙන්නෙ "ගයාන් කෑගැසුවේ රූහිගේ අතක් සිරකොට අල්ලාගනිමිනි.
"අතෑරපං මාව..අතෑරපං"රූහි කෑගසා ඔහුගේ අතක් විකුවේ ලේ එන්නටමයි.නමුත් වූයේ එයින් ඔහු තවත් වියරු වැටීමයි.අසල ඌ නානකාමරය තුලට ඈව ඇදන් ගිය ගයාන් ඇගේ පිරිසිදුකම නැති කලේ ඇගේ විලාපය මද්‍යයේමයි.ඒ වෛද්‍යවරෙයෙකුගේ මානුශීය හැගීම් සියල්ල අමතක කරමිනි.
"මට උබ නෑ නං උබව කාටවත් නෑ"එසේ ගිගිරූ ගයාන් අසල ඌ කන්නාඩිය බිද එයින් කෑල්ලකින් කපාකොටා ඇය ගාතනය කලේ කිසිදු හිතක් පපුවක් නොමැතිය් අයුරිනි.
මවක් ලෙසට නම් දැරීමට බලාපොරොත්තු වෙන් සිහින පොදි බැදන් සිටි රූහි අවසන් ගමන් ගියේ තමාට ඒ ඉරනම උදා කල කාමතුරයා ගැන නිමක් නොවන වෛරයකිනි..පලි ගැනීමේ වියරුවකිනි..


"හෙ..හෙලෝ..ඔව්..අරුන..ඔව් ඒකි මගෙ පස්සෙන් එනව..ඕ..මාව බේරගනිං.ඉකමන්ට වරෙං..අනේ ඉකමනට"

අරුනට ගයාන්ගෙන් ආ දුරකතන ඇම්තුමේ අවසන් වදන් කීපය එය විය.ඉන්පසුව සම්බන්දතාවය බිදී ගියේ විලාපයක් හා කාන්තා සිනහඩක් සමගිනි.

ආ..අරුන නේද.මං එයා ගැන කිවේ නෑද.මහ දෙයක් නෑ.අරුන කියන්නෙ ගයාන් ගෙ යාලු ඩොක්ටර් කෙනෙක්.අරුන අවංක හොද චරිතයක්.අරුනට ගයාන් හම්බුනේ දෙන්නම එකම හොස්පිට්ල් එකේ වැඩ කරපු නිසයි.ගයාන්ගෙ හිත යට තීන නපුරු කම ගැන අරුන නං හාංකවිස්සියක්වත් දන්නෑ.
දුරකතන ඇමතුම විසන්දි වූයේ අරුනව වියවුල් ජාලයක පටලමිනි.ගයාන් පැවසූ තැනැත්තිය කවුද..දුරකතන සබදතාවය මෙහෙම අනපේක්ශිත විදිහට බිද වැටුනේ ඇයි..ගයාන් කාගෙන්ද තමන්ව බේරගන්න කිව්වෙ ..මොකද්ද ඒ හිනාහඩ..මෙවන් ප්‍රශ්න රැසක පැටලුනත් අරුනට තම මිත්‍රයා සිටිනුයේ කුමක් හෝ විපතකට පත්ව බව වැටහුනි.වහාම ක්‍රියාත්මක වූ අරුන තම මිත්‍ර සාජන්ට් දිසානායට වහා දුරකතන ඇමතුමක් ලබාදුන්නේ ඔහුත් සමගම වහාම ගයාන්ගේ නිවසට යාමටයි.

"ගයාන්..ගයාන්...උබ කොහෙද..ගයාන්"ගයාන්ගේ නිවසට පැමිනි අරුන ගයාන් අමතා කෑගැසුවත් පිලිතුරක් නොවීය

"දිසා..මූට මොනාහරි කරදරයක්වත්ද.කෝකටත් ගෙයි බලමු"
"හොදයි ..යමු"

අරුනත් සාජන්ට් දිසානායකත් ගයාන්ගෙ නිවස පුරා ඔහුව සොයන්නට විය.කිසිවක් සොයාගත නොහැකි වූ අරුන කිසිවක් සීතාගතනොහැකිව කල්පනාකරන්නට විය .එක්වරම ඔහුගේ කල්පනාව බිදීගියේ සාජන්ට් දිසානායකගේ හඩිනි.
වහාම උඩුමහලට දුවගිය අරුන දුටුවෙ නානකාමරය අසල සිටගෙන සිටි දිසානායකයි.
"ඇයි දිසා..මොකද"

කිසිවක් නොකියූ සාජන්ට් දිසානායක නානකාමරය තුලට ඇගිල්ල දිගුකලේය.ඒ අසලට පැමින නානකාමරයට එබී බැලූ අරුන බියට පත්ව පසුපසට පැන්නේ කෑගසමිනි.
ගෙලෙහිත් බඩෙහිත් කැපුම් තුවාල සහිතව ඒ තුල ලේ විලක් මත වැටී තිබුනේ ගයාන්ගේ ප්‍රානය නිරුද්ද සිරුරයි.එහි මුහුනේ පැවතියේ කුමකට හෝ අදිකව බියට පත් සලකුනුයි...


තම පාපතර ආශාව සන්සිදුවාගත් ගයාන් කලබලයට පත් සිතින් නිවස දක්වා තම මෝටර් රතය දාවනය කරන්නට විය.මේ වනවිට රාත්‍රී අටට පමන වන්නට ඇත.කලුවරේ පාලු මාවත දිගේ දාවනය කරමින් සිටි ඔහු එක්වරම තදින් තිරිංග තද කලේ මහපාර මැද වැටී සිටි අයෙකු දැකීමෙනි.

වාහනය නවතා වාහනයේ ඉදිරිපස ලාම්පුවලින් පෙනුනු ඒ රුව වෙත ගයාන් පාතබන්නට විය.වැටි සිටියේ කාන්තාවකි.ඈ සිටියේ ගයාන්ට පිටුපා බිම වැතිරී ගෙනයි.සැලෙන අතක් ගයාන් ඒ දෙසට දිගු කරේ ඇය තමා දෙසට හැරවීමටයි.එක්වරම.....එක්වරම ගයාන් තිගැස්සී ගියේ තමාට පිටුපසින් ඇසුනු ලදරු හැඩීමකිනි.වහා පිටුපස හැරුනු ගයාන්ට මදක් ඈතින් නවතා ඇති තමාගේ මෝටර් රතය හැර කිසිවක් දැකගත නොහැකි විය.ඔහු නැවත ඉදිරිපස හැරුනේ වැටී සිටි තරුනිය කවුද කියා බැලීමටයි.නමුත් ඔහු ඉදිරියේ කිසිවකු නොවීය.ගයාන් නැගී සිටියේ ඉහින් කනින් දාඩිය දමමිනි
"..ම...මට..සමාවෙන්න..ස..සමාවෙන්න"ගයාන් මිමිනීය.වහ වහා මෝටර් රතය වෙත ගිය ගයාන් ඒ තුල සිට වටපිට බැලුවේ බියපත් සිතිනි.

එක්වරම පිටුපසින් ඇසුනු හිනාහඩකින් ක්ශනයකින් ගයාන් පිටුපස හැරුනි.නමුත්..කිසිවකු නැත.නැවත ඉදිරිපස බැලූ ගයාන් දුටුවේ තමාට එහා පැත්තේ අසුනේ හිද සිටි රූහිවයි.කුසේත් ගෙලේත් වූ කැපුම් වලින් උනු ලේ වගුරවමින් ඇය ඔහු දෙස බලා සිටින්නට වූයේ වෛරී දෑසිනි .ගයාන් යටිගිරියෙන් කෑ ගසන්නට විය .නමුත් ඊලඟ මොහොතේ ඇය එතන නොවීය.මද වේලාවක් එදෙසම බලාසිටි ඔහු අනතුරුව නිවස වෙතට මොටර් රතය දාවනය කරවන්නට වූයේ පන බයෙනි.
නිවස වෙත පැමිනි ගයාන්ට මුලු නිවස පුරාම ඇසෙන්නට වූයේ රූහිගේ හිනාහඩයි.ඒ අතරම විටින් විට ලදරු හැඩීම්ද ඇසෙන්නට විය.භීතියෙන් භීතියට පත් ගයාන් උඩුමහලේ ඌ නානකාමරය තුලට වැදී හඩන්නට වූයේ කිසිවක් කරගත නොහැකිවයි.එක්වරම ඔහුට ඇසෙන්නට වූයේ නානකාමරයේ දොරට තට්ටු කරන හඩකි.

"කවුද..."
"..............."
"ක..කවුද ඔය"
"................"

"කා..කාවුද කියපං..උබ..කියපං..කියපං..කවුද"ගයාන් අඩන්නට වූයේ බිය නිසාමයි .
"හී..හී..හී....හීක්...හී..හී..."පිටතින් ඇසෙන්නට වූයේ රූහිගේ හිනාහඩයි.
ගයාන් බියෙන් මුසපත්ව නානකාමරය මුල්ලට ගියේ කරකියාගත දෙයක් නොහැකිවයි.වහාම දුරකතනය අතට ගත් ගයාන් අරුනට දුරකතන ඇමතුමක් ගන්නට විය.
"හෙ..හෙලෝ..ඔව්..අරුන..ඔව් ඒකි මගෙ පස්සෙන් එනව..ඕ..මාව බේරගනිං.ඉකමන්ට වරෙං..අනේ ඉකමනට"

නමුත් ඇමතුම සම්පූර්න කිරීමට ඉඩක් නොලැබුනි.ගයාන් නානකාමරයේ කන්නාඩියෙන් දුටුවේ තමා පිටුපස ඌ රූහිවයි.ඔහු අතින් ජංගම දුරකතනය බිම වැටී ඇමතුම විසන්දි විය.
ඇගේ ඇදුම ලෙයින් පෙගී තිබුන අතර ගෙලෙහි හා කුසෙහි වූ කැපුම් වලින් නොනවත්වා රුදිරය ගලා යන්නට විය.කුසෙහි කැපුමෙන් බඩවැල් එලියට පැන තිබුනේ අප්‍රසන්න දසුනක් මවමිනි.
"ස් ...සමාවෙන්න මට..නංගී..අනෙ.."පිටුපසට යමින් ගයාන් මුමුනන්නට විය.

"සමාවදෙන්න..නංගී...හා..හා.හා...උබනං තිරිසනෙක් ගයාන්..මගේ ජීවිතේ..මගේ දරුවගෙ ජීවිතේ..."රූහි කෙමෙන් කෙමෙන් ගයාන් වෙත අඩියෙන් අඩිය ලංවන්නට විය.
ඊලඟ මොහොතේ සිය උල් නිය විදහාගත් රූහි ගයාන් වෙත පැන ඔහුව පෙරලාගත්තේ වියරුවෙන් සිනාසෙමිනි.බියට පත් ගයාන් මරලතෝනි දෙන්නට විය
ඔහු දෙස බලා මහා හඩින් සිනාසුනු ඈ ඔහුගේ උදරයට තම දෑත් තබා දෙපසට ඇද්දේ ගෙල දක්වා පැලී බඩවල් එලියට පනින්නටමය.ගයාන් වේදනාවෙන් ඇබරෙමින් කකුල් අතපය ගසන්නට වූයේ නානකාමරය දසතම ලේ පැල්ලම් විහිදවමිනි.

ඔහුගේ වේදනාව දෙස බලමින් සිනානගමින් සතුටු වු ඈ..ඊලඟ මොහොතේ තම උල් නියපොත්තක් ගෙලට ඇතුල් කොට ඇද්දේ ලේ විදිමිනි තවත් මොහොතක් මරු විකල්ලෙන් දැගලූ ගයාන් මෙලොව හැර ගියේ තම අපරාදයට මෙලොවදීම වන්දි ගෙවමිනි....
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වියරුවක ශාපය ඇවිලෙයි (Viyaruwa) වියරුවක ශාපය ඇවිලෙයි (Viyaruwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment