Rosa Kusumak Pipi Song Lyrics - රෝස කුසුමක් පිපී ගීතයේ පද පෙළ

Rosa Kusumak Pipi Song Lyrics - රෝස කුසුමක් පිපී ගීතයේ පද පෙළ
Song Title : Rosa Kusumak Pipi (රෝස කුසුමක් පිපී)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය ‍රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදිකර යහනින්
ඔබ එබී හිනැහේ කවුළුවෙන් //
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැඟෙනා වදනින්
නොහැඟෙනා අරුතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටි ඒ ආදරෙන් //
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපාමුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Kusumak Pipi Song Lyrics - රෝස කුසුමක් පිපී ගීතයේ පද පෙළ Rosa Kusumak Pipi Song Lyrics - රෝස කුසුමක් පිපී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2022 Rating: 5

0 comments:

Post a Comment