Ran Samanalayo Song Lyrics - රන් සමනලයෝ ගීතයේ පද පෙළ

Ran Samanalayo Song Lyrics - රන් සමනලයෝ ගීතයේ පද පෙළ
Song Title : Ran Samanalayo (රන් සමනලයෝ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : සරත් ද අල්විස්
ගීය ඇතුළත් වූ ඇල්බම
1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටය තුළින් දොරට වැඩියා.
2005 දී නිකුත්වූ "සුනිල් ගී 22 - සඳකඩපහණ" සංගත තැටියට ද ඇතුළත් වුණා.


රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා //
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ 
ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ 
ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා //

ලද මනමාල හිතේ 
ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ 
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා //
මීදුම් සළුවේ
තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

රන් සමනලයෝ 
පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Samanalayo Song Lyrics - රන් සමනලයෝ ගීතයේ පද පෙළ Ran Samanalayo Song Lyrics - රන් සමනලයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment