Ra Wada Muraya Song Lyrics - රෑ වැඩ මුරය ගීතයේ පද පෙළ

Ra Wada Muraya Song Lyrics - රෑ වැඩ මුරය ගීතයේ පද පෙළ
Song Title : Ra Wada Muraya (රෑ වැඩ මුරය)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2001 දී “The best of Sunil 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Wada Muraya Song Lyrics - රෑ වැඩ මුරය ගීතයේ පද පෙළ Ra Wada Muraya Song Lyrics - රෑ වැඩ මුරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment