Prema Mandire Song Lyrics - ප්‍රේම මන්දිරේ ගීතයේ පද පෙළ

Prema Mandire Song Lyrics - ප්‍රේම මන්දිරේ ගීතයේ පද පෙළ
Song Title : Prema Mandire (ප්‍රේම මන්දිරේ)
ගායනය : නිරෝෂා විරාජිණී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
කුස පබා සිනමා ගෙත්තමේ වැළපුම් ගී හුයකි.


ප්‍රේම මන්දිරේ
දෙදරා ගරා වැටේ
පුද දී හදින් නිකැළැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිළිණය කඳුළද ළඳුනේ
කුරිරු දෛවයේ

ආ..... ආආඅ ආ.....
ආ.... අ ආ....
ආ ආ ආ ....... අආ..

රුදු මිරිගු දියට රැවටී
මරු කතර අතරමං වී //
සුරම්‍ය සිහින ලොව බිඳුණී
ගිනි ජාලාව ද ස්නේහයේ
ඉරණම ළඳුනේ

කුල ගෙයක මිහිර වියැකී
දඟ ගෙයක සිරුර සිර වී //
නොකල්හි මිලාන වී වැටුණී
බිලිපූජාව ද ආලයේ
දඬුවම ළඳුනේ

ප්‍රේම මන්දිරේ දෙදරා ගරා වැටේ
පුද දී හදින් නිකැලැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිළිණය කඳුළද ළඳුනේ
කුරිරු දෛවයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Mandire Song Lyrics - ප්‍රේම මන්දිරේ ගීතයේ පද පෙළ Prema Mandire Song Lyrics - ප්‍රේම මන්දිරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment